මෙම කොන්දේසි හා නියමයන් මගින් එච්එන්බී සහ එක් එක් ගනුදෙනුකරුවා (මෙහි මින්මතුවට අර්ථ දක්වා ඇති පරිදි) අතර නෛතික ගිවිසුමක් ස්ථාපනය කරන අතර, තවද එමගින් එච්එන්බී විසින් ගනුදෙනුකරුවකු හට ලබාදෙන ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීම පාලනය විය යුතුය.
පහත දක්වා ඇති ‘Get Started’ බොත්තම එබීම මගින්, ගනුදෙනුකරුවිසින් පහත සඳහන් පරිදි පිළිගනී සහ ස්ථිර කරයි:
‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ සම්බන්ධයෙන් වන තොරතුරු සමග වන මෙම කොන්දේසි හා නියමයන් ගනුදෙනුකරු වෙත තේරුම්කර දී ඇති බවට සහ මෙම කොන්දේසි හා නියමයන් සහ එම තොරතුරු ගනුදෙනුකරු විසින් කියවා තේරුම්ගත් බවට සහ ඒවා මගින් බැඳී සිටීමට ගනුදෙනුකරු එකඟවන බවට සහ ඒ සඳහා කැමැත්ත ලබාදෙන බවට.
1. අර්ථ දැක්වීම්
අන්‍යාකාරයෙන් නිශ්චිතව දක්වා ඇත්නම් මිස, මෙම ලේඛණයේ ඇති සහ ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ (platform) පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වන පහත දැක්වෙන පද සඳහා පහත දැක්වෙන අර්ථ දැක්වීම් අදාළ විය යුතුය:
අ. ‘ගනුදෙනුකරු’ යන පදයෙන්, මෙම කොන්දේසි සහ නියමයන් පිළිගනිමින් සහ SOLO ඇප් එක භාගත කරගනිමින් (downloading) සහ ස්ථාපනය කරගනිමින් (installing), ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාවේ ඇති ක්‍රියාකාරකම් (functions) පාව්චිචි කිරීමට තෝරාගන්නා ගනුදෙනුකරුවකු අර්ථවත් වේ.
ආ. ‘දිනක සීමාව’ (Daily Limit) යන පදයෙන්, ශ්‍රී ලංකාවේ සම්මත වේලාව අනුව 00.00 සිට ආරම්භ වී පැය 24 ක කාලපරිච්ඡේදයක් වන දිනයක් අර්ථවත් වන එක් දිනක් තුලදී ‘SOLO ගිණුම’ හරහා සිදුකරන ගනුදෙනුවල උපරිම මූල්‍ය වටිනාකම අර්ථවත් වන අතර, එම මුදල් ප්‍රමාණය එච්එන්බී විසින් කලින් කලට දැනුම් දිය හැකි වන අතර, තවද එය එච්එන්බී හි තනි අභිමතය පරිදි වෙනස් කිරීමට යටත් වේ.
ඇ. ‘SOLO ගිණුම’ යන පදයෙන්, ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ වෙත ප්‍රවේශවීමේ සහ ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීමේ අරමුණු සඳහා, ‘SOLO යෙදුම’ (Solo Application) මත ගනුදෙනුකරු විසින් නිර්මාණය කරනු ලබන (කිසිදු බැංකු ගිණුමක් හෝ වෙනත් ගෙවීම් කරන මාධ්‍යයක් නොවන) පරිශීලක ගිණුම (User Account) අර්ථවත් වේ.
ඈ. ‘SOLO යෙදුම’ (SOLO Application) හෝ ‘SOLO’ හෝ ‘SOLO ඇප් එක’ යන පද වලින්, ‘අනුමත ඇප් ස්ටෝර්’ (Approved App Store) එකක් මත භාගත කරගැනීමට ඇති ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ සම්බන්ධ ජංගම යෙදවුම (mobile application) අර්ථවත් වේ.
ඉ. ‘SOLO සහය’ (SOLO Support) යන පදයෙන්, ‘SOLO යෙදවුම’ හරහා සිදුකරනු ලබන, ඩිජිටල් ගෙවීම් සේවාවන් හි අරමුණු සඳහා එච්එන්බී විසින් සපයනු ලබන සහය සේවාව අර්ථවත් වන අතර, එහි විස්තර ‘SOLO වෙබ් අඩවියේ’ සහ ‘SOLO’ යෙදුමේ ඇත.
ඊ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ (SOLO Digital Payments Platform) යන පදයෙන්, ගනුදෙනුකරුවන් වෙත SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ ලබාදීම සම්බන්ධයෙන්, එච්එන්බී සහ එහි ආශ්‍රිත හවුල්කරුවන් විසින් හිමිකාරීත්වය දරණ සහ පරිපාලනය කරනු ලබන තාක්ෂණික නිර්මාණය අර්ථවත් වේ.
උ. 'SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ (SOLO Digital Payment Services) යන පදයෙන්, ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ මගින් ගනුදෙනුකරුවන් වෙත අර්පණය කරනු ලබන පහත දැක්වෙන සේවාවන් අර්ථවත් වේ:
•QR කේතය (‘ක්ෂණික ප්‍රතිචාර කේතය’ (Quick Response Code) සඳහා වන කෙටි යෙදුම) යන පදයෙන්, ගෙවීම් කිරීම සඳහා වෙළෙන්දන්ව හඳුනා ගැනීමට වෙළෙන්දන් වෙත ලබාදෙන අනුකෘත තීරු කේතය (matrix bar code) අර්ථවත් වේ. • ‘SOLO යෙදුම’ සඳහා ලියාපදිංචි කිරීම සහ ගෙවීම් කිරීම සඳහා ඕනෑම පිළිගත හැකි ගෙවීම් මාධ්‍යයක් එකතු කිරීම
• QR කේත පරිලෝකනය කිරීම (scanning) මගින් වෙළඳුන් හට ගෙවීම් කිරීම
• ප්‍රවර්ධනයන් සහ හඳුන්වාදීමේ නිරූපණ (demos) පෙන්වීම
• එච්එන්බී සමග ලියාපදිංචි වී ඇති උපයෝගිතා සේවා සපයන්නන් වෙත ගෙවීම් කිරීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීම
• තුන්වන පාර්ශවීය ජංගම යෙදවුමක් මගින් ‘ඇප් චෙක් අවුට්’ හරහා ගෙවීම් කිරීම
• තුන්වන පාර්ශවීය වෙබ් අඩවියක් මගින් ‘වෙබ් චෙක් අවුට්’ හරහා ගෙවීම් කිරීම
• එච්එන්බී විසින් කලින් කලට දැනුම් දෙනු ඇති පරිදි එවැනි වෙනත් ගනුදෙනු
ඌ. ‘SOLO වෙබ් අඩවිය’ (SOLO Website) යන පදයෙන්, www.getsolo.lk අර්ථවත් වේ.
එ. ‘වෙළඳ සීමාව’ (Merchant Limit) යන පදයෙන්, ශ්‍රී ලංකාවේ සම්මත වේලාව අනුව 00.00 සිට ආරම්භ වී පැය 24 ක කාලපරිච්ඡේදයක් වන දිනයක් අර්ථවත් වන එක් දිනක් තුලදී ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුම’ හරහා ගනුදෙනුකරුවකුට වෙළෙන්දන් වෙත ගෙවීම් සිදුකළ හැකි ගනුදෙනුවල සමස්ත උපරිම මූල්‍ය වටිනාකම අර්ථවත් වන අතර, එම මුදල් ප්‍රමාණය එච්එන්බී විසින් කලින් කලට දැනුම් දිය හැකි වන අතර, තවද එය එච්එන්බී හි තනි අභිමතය පරිදි වෙනස් කිරීමට යටත් වේ.
ඒ. ‘වෙළෙන්දන්’ (Merchants) යන පදයෙන්, එච්එන්බී සමග ලියාපදිංචිවීම මගින්, ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු සඳහා ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාවේ’ ඇති ක්‍රියාකාරීත්වයන් (functions) පාවිච්චි කිරීමට තෝරාගන්නා, භාණ්ඩ සහ/හෝ සේවා සපයන්නන් අර්ථවත් වේ.
ඔ. ‘ජංගම උපාංගය’ (Mobile Device) යන පදයෙන්, ජංගම ටෙලිකොම් ජාලයන් වෙත සම්බන්ධවීමට හැකියාව ඇති සහ අන්තර්ජාල සම්බන්ධතාවය ඇති ජංගම දුරකථනයක්, ටැබ්ලටයක් (tablet), ෆැබ්ලටයක් (phablet) හෝ එවැනි වෙනත් ජංගම උපාංගයක් අර්ථවත් වන අතර, කෙසේවෙතත්, ඒවා හැමවිටම, එච්එන්බී විසින් කලින් කලට දැනුම්දිය හැකි පරිදි වන එවැනි පිරිවිතර අවශ්‍යතාවයන් වලට යටත්විය යුතුය.
ඕ. 'ජංගම දුරකථන අංකය’ (Mobile Number) යන පදයෙන්, එච්එන්බී සමග ලියාපදිංචි වී ඇති සහ/හෝ ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ සඳහා ලියාපදිංචි වීමේදී අන්‍යාකාරයෙන් එච්එන්බී සමග සන්නිවේදනය කිරීම සඳහා සම්බන්ධවන අංකයක් වශයෙන් ගනුදෙනුකරු විසින් ලබාදී ඇති ගනුදෙනුකරුගේ ජංගම දුරකථන අංකය අර්ථවත් වේ.
ක. එච්එන්බී’ යන පදයෙන්, 2007 අංක. 07 දරණ සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සීමාසහිත වගකීමෙන් යුත් පොදු සමාගමක් සහ 1988 අංක. 30 දරණ බැංකු පනත යටතේ බලපත්‍රලාභී වානිජ බැංකුවක් වන සහ ලියාපදිංචි අංක. පීකියු 82 දරණ හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී අර්ථවත් වන අතර, තවද එයට එහි අනුප්‍රාප්තිකයින් සහ අවසරලත් පැවරුම්ලාභීන් ඇතුලත් වේ.
ග. ‘ගෙවූ මුදල’ (Payment Amount) යන පදයෙන්, අදාළ ගාස්තු, අදාළ වන පරිදි අනෙකුත් ගාස්තු සහ බදු සමග ගෙවීම් කරන ගනුදෙනුවක ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය අර්ථවත් වේ.
ච. 'ගෙවීම් සිදුකරන මාධ්‍ය’ (Payment Instruments) යන පදයෙන්, ගනුදෙනු සඳහා ගෙවීම් කිරීමට ‘SOLO ගිණුම’ මත ලියාපදිංචිවීම සඳහා ගනුදෙනුකරු විසින් තෝරාගන්නා ලද, එච්එන්බී බැංකු ගිණුම, එච්එන්බී හර/ණයවර කාඩ්පත සහ එච්එන්බී ට පිළිගත හැකි එවැනි වෙනත් අවසරලත් ජංගම හෝ ඉතිරිකිරීමේ බැංකු ගිණුම්, ණයවරපත් සහ/හෝ හරපත් අර්ථවත් වේ.
ජ. ‘ගෙවීම් සිදුකරන ගනුදෙනුව’ (Payment Transaction) යන පදයෙන් අර්ථවත් වන්නේ, පහත දැක්වෙන ගනුදෙනු සම්බන්ධයෙන් ගනුදෙනුකරුගේ අදාළ ගෙවීම් මාධ්‍යයට ගෙවීම් මුදල හරකිරීම, අයකිරීම හෝ වෙනත් අදාළ ගනුදෙනුවකට හේතුවන ගෙවීමක් සැකසීම වන අතර, ඒ පිළිබඳ වැඩිදුර විස්තර (අදාළ අවස්ථාවන් වලදී සීමාවන් ද ඇතුළුව) ‘SOLO වෙබ් අඩවියේ’ දක්වා තිබේ:
i. ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පිළිගන්නා වෙළෙන්දෙකු වෙත ගනුදෙනුකරු විසින් සිදුකරන ගෙවීම්.
ii. මාර්ගගත (online) ගෙවීම්
iii. එච්එන්බී විසින් කලින් කලට දැනුම්දෙනු ඇති පරිදි එවැනි වෙනත් ගනුදෙනු.
ට. ‘ලියාපදිංචි කිරීමේ තොරතුරු’ (Registration Information) යන පදයෙන්, 5 වගන්තියේ දක්වා ඇති පරිදි, ‘SOLO ගිණුමක්’ ලියාපදිංචි කිරීම සඳහා අදාළ වන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ලද බවට සෑහීමකට පත්වීමේ අරමුණු සඳහා ගනුදෙනුකරු විසින් එච්එන්බී වෙත ලබාදෙන ලද තොරතුරු සහ තහවුරු කරන සාක්ෂි අර්ථවත් වේ.
ඩ. 'කොන්දේසි සහ නියමයන්’ යන පදයෙන්, එච්එන්බී විසින් කලින් කලට අතිරේක වශයෙන් යොදන ලද, ආදේශ කරන ලද, සංශෝධනය කරන ලද හෝ ප්‍රතිස්ථාපනය කරන ලද පරිදි, මෙම කොන්දේසි හා නියමයන් අර්ථවත් වේ.
ත. ‘ගනුදෙනුකිරීමේ සීමාව’ (Transaction Limit) යන පදයෙන්, එක් එක් ගෙවීම් කිරීමේ ගනුදෙනුව සඳහා ‘SOLO ගිණුමෙන්’ වියදම් කළ හැකි උපරිම මුල්‍ය වටිනාකම අර්ථවත් වන අතර, එම මුදල් ප්‍රමාණය එච්එන්බී විසින් කලින් කලට දැනුම් දිය හැකි වන අතර, තවද එය එච්එන්බී හි තනි අභිමතය පරිදි වෙනස් කිරීමට යටත් වේ.
ද. ‘පරිශීලක සාක්ෂි’ (User Credentials) යන පදයෙන්, ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුමට’ ප්‍රවේශවීමේ සහ/හෝ ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීමේ අරමුණු සඳහා ගනුදෙනුකරුවකු විසින් ලියාපදිංචි කර ඇති පරිශීලක හැඳුනුම්පත් (User IDs), ‘පෞද්ගලික හඳුනාගැනීමේ අංකය’ (PIN), මුරපද (Password) සහ ජෛවමිතික දත්ත අර්ථවත් වේ.
ප. ‘JustPay’ යන පදයෙන්, ආරක්ෂිත තත්කාලීන සිල්ලර ගෙවීම් වලට පහසුකම් සැලසීම සඳහා මහ බැංකුව සහ LankaPay පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරුවේ (CEFTS) සියලුම සාමාජිකයින් විසින් සහය දක්වනු ලබන ගෙවීම් කිරීමේ යාන්ත්‍රණයක් අර්ථවත් වේ.
2. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’
3. ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ ආරම්භ කිරීම
4. ගනුදෙනුකරුවන් වර්ග
5. ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ වලට ලියාපදිංචි වීම සඳහා ඇති අවශ්‍යතාවයන්
අ. ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ සඳහා ලියාපදිංචි වීමේ අරමුණු වෙනුවෙන් ගනුදෙනුකරුවකු විසින් පහත දැක්වෙන අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ යුතුය:
i. ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පතක් සහ/හෝ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය;
ii. වයස අවුරුදු 16 ට වඩා වැඩි විය යුතුය;
iii. ‘SOLO වෙබ් අඩවියේ’ දක්වා ඇති අවශ්‍යතාවයන් වලට අනුකූල වන මෘදුකාංගයක් සහිත ජංගම උපාංගයක් තිබිය යුතුය;
iv. ගනුදෙනුකරුගේ නමින් ලියාපදිංචි වී ඇති ජංගම දුරකථන අංකයක් (හෝ එය ගනුදෙනුකරුගේ නොවන වෙනත් පුද්ගලයකුගේ නමින් ඇත්නම්, එම ජංගම දුරකථන අංකය පාවිච්චි කිරීම සඳහා අවසරය) ලබාදිය යුතුය; සහ
v. එච්එන්බී හි සියලු මුදල් විශුද්ධිකරණයට එරෙහිවීමේ සහ ‘ඔබේ ගනුදෙනුකරුවා දැනගැනීම’ සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කිරීම.
ආ. ඉහත කී ලියාපදිංචි වීමේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීම සඳහා සහයක් වශයෙන් ගනුදෙනුකරු විසින් එච්එන්බී වෙත ප්‍රමාණවත් ලියාපදිංචි වීමේ තොරතුරු ලබාදිය යුතුය. ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය තොරතුරු එච්එන්බී විසින් කලින් කලට නියම කරනු ලබන ආකාරයට ලබාදිය යුතු වන අතර, ඒ සඳහා, ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ‘SOLO ඇප් එක’ හරහා ඩිජිටල් ලෙස ඉදිරිපත් කිරීම ද ඇතුලත් විය යුතුය. අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ලියාපදිංචි වීම සඳහා ලබාදෙන තොරතුරු තුන්වන පාර්ශවයන් වෙතින් ස්ථිර කර ගැනීමේ අයිතිය එච්එන්බී විසින් රඳවා තබා ගනී.
ඇ. ඉහත කී අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම නොතකා, ඕනෑම පුද්ගලයකු ගනුදෙනුකරුවකු වශයෙන් ලියාපදිංචි කිරීම අනුමත කිරීම සඳහා තනි අභිමතය එච්එන්බී සතුය.
ඈ. එච්එන්බී හි අඛණ්ඩ මුදල් විශුද්ධිකරණයට එරෙහිවීම සඳහා සහ ‘ඔබේ ගනුදෙනුකරුවා දැනගැනීම’ සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අරමුණු සඳහා, ගනුදෙනුකරුවකුගේ ‘SOLO ගිණුම’ ලියාපදිංචි කිරීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වුවද, කලින් කලට අතිරේක ලිපි ලේඛණ සහ තහවුරු කරන තොරතුරු ඉල්ලා සිටීමට ඇති අයිතිය එච්එන්බී විසින් රඳවා තබාගනී. ඒ සඳහා එච්එන්බී විසින් ඉල්ලීමක් සිදුකිරීමෙන් අනතුරුව, ප්‍රමාණවත් ලිපි ලේඛණ සහ තහවුරු කරන තොරතුරු ලබාදීමට අපොහොසත් වුවහොත් එවිට, ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුම’ අවහිර කිරීම හෝ වසා දැමීම එහි තනි අභිමතය පරිදි එච්එන්බී විසින් සිදුකළ හැකිය.
ඉ. ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය නිරවද්‍ය සහ සත්‍ය තොරතුරු, වෙනත් පුද්ගලයකු සම්බන්ධයෙන් නොව එම ගනුදෙනුකරු සම්බන්ධයෙන් පමණක් ලබාදීම සඳහා ගනුදෙනුකරු වගකීමට බැඳේ. ලියාපදිංචි වීම සඳහා ලබාදෙන එවැනි තොරතුරු යාවත්කාලීනව තබාගැනීම සඳහා හෝ ඒවායේ යම් වෙනසක් සිදුවුවහොත් එවිට ඒ පිළිබඳව එච්එන්බී වෙත දැනුම්දීම සඳහා ගනුදෙනුකරු වගකීමට බැඳේ. ගනුදෙනුකරුවෙකුගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයේ වෙනසක් සිදුවුවහොත් එවිට ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීම සඳහා ගනුදෙනුකරු නුසුදුස්සකු විය හැකිය.
6. ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’
අ. ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කළ යුත්තේ දේශීය ගනුදෙනු සිදුකිරීමේ අරමුණ සඳහා පමණි.
ආ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ පාවිච්චි කළ යුත්තේ නීත්‍යනුකූල සහ යුක්තිසහගත අරමුණු සඳහා සහ මෙම කොන්දේසි සහ නියමයන් වල සහ ‘SOLO වෙබ් අඩවියේ’ නිශ්චිතව දක්වා ඇති පරිදි අවසරලත් ගනුදෙනු සිදුකිරීම සඳහා පමණි.
ඇ. ගනුදෙනුකරුගේ ගෙවීම් මාධ්‍ය සඳහා අවසර ලබාදීමෙන් අනතුරුව, අදාළ ගෙවීම් කිරීමේ ගනුදෙනුව සම්පූර්ණ කර සහ නිදහස් කර ඇති බවට සළකනු ලැබේ. ගෙවීම් කිරීමේ මාධ්‍ය හරහා සිදුකරනු ලබන ගෙවීම් කිරීමේ ගනුදෙනු, ගනුදෙනුකරු සහ අදාළ මුල්‍ය ආයතනය සහ/හෝ නිකුත් කරන්නා (හරපතක් / ණයවර පතක් හෝ JustPay සම්බන්ධයෙන් වන විට) අතර ඇති කොන්දේසි හා නියමයන් වලට යටත් වේ.
ඈ. ගනුදෙනුකරු විසින් ගෙවීම් කිරීමේ මාධ්‍යයක් පාවිච්චි කිරීම හේතුවෙන්, ගෙවීම් කිරීමේ මාධ්‍යය සම්බන්ධයෙන් වන කොන්දේසි සහ නියමයන් යටතේ අයකරනු ලැබිය හැකි සියලු ගාස්තු සහ අයකිරීම් සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය.
ඉ. ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ බාධාවකින් තොරව පාවිච්චි කිරීම සඳහා, ගෙවීම් කිරීමේ මාධ්‍ය නිසි වේලාවට යාවත්කාලීන කිරීම සහ අලුත් කිරීම සඳහා ගනුදෙනුකරු සම්පූර්ණයෙන්ම වගකීමට බැඳේ.
ඊ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හරහා සිදුකරන ලද සියලු ගනුදෙනු ගනුදෙනුකරු වෙත ආපසු ගෙවිය නොහැකි වන අතර, තවද ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හරහා ඒවා ගනුදෙනුකරු වෙත ආපසු ගෙවිය නොහැක. අදාළ ගෙවීම් කිරීමේ මාධ්‍ය පාලනය වන කොන්දේසි හා නියමයන් යටතේ ගනුදෙනුකරුට අමතර මුදල් ආපසු ගෙවීමේ, ආපසු හැරවීමේ හෝ නැවත ගෙවීමේ අයිතිවාසිකම් තිබිය හැකිය.
උ. ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුම’ සහ ඒ හා සම්බන්ධ ගෙවීම් මාධ්‍ය පාවිච්චි කිරීම මගින් සිදුවන ගනුදෙනු නිරීක්ෂණය කිරීමට සහ අධීක්ෂණය කිරීමට එච්එන්බී වෙත අයිතිවාසිකම තිබේ. ‘SOLO ගිණුම’ සහ/හෝ ඊට සම්බන්ධ ගෙවීම් කිරීමේ මාධ්‍ය හරහා සැක සහිත හෝ අනපේක්ෂිත ගනුදෙනු සිදුවන බවට එච්එන්බී විසින් අදහස් කළහොත් එවිට, ගනුදෙනුකරු වෙත දැනුම්දීමකින් තොරව, ‘SOLO ගිණුම’ අත්හිටුවීමට ඇති අයිතිය ද ඇතුළුව, එම ගනුදෙනු ආපසු හැරවීමට හෝ අත්හිටුවීමට ඇති අයිතිය එච්එන්බී විසින් රඳවා තබා ගනී. එවැනි තත්වයන් යටතේ ‘SOLO ගිණුමට’ ප්‍රවේශවීමට ඇති අයිතිය සීමා කිරීම සම්බන්ධයෙන් එච්එන්බී වගකීමට නොබැඳේ.
ඌ. 2006 අංක. 06 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ පිහිටුවන ලද ‘මූල්‍ය බුද්ධි ඒකකය’ (‘FIU’) වෙත සහ අවස්ථාවෝචිත පරිදි වෙනත් ඕනෑම නීතිය බලාත්මක කිරීමේ අධිකාරියක් වෙත සහ වෙනත් නියාමකයකු වෙත සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමට එච්එන්බී වෙත අයිතිය තිබේ.
එ. සියලු CASA ගනුදෙනු, ණයවරපත් ගනුදෙනු, හරපත් ගනුදෙනු සහ නියාමනය මගින් නිශ්චිතව සඳහන් කර ඇති මුදල් ප්‍රමාණය ඉක්මවන ගනුදෙනු, FIU විසින් සඳහන් කර ඇති ආකාරයට එච්එන්බී විසින් FIU වෙත වාර්තා කළ යුතුය.
ඒ. කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන ලෙසට FIU විසින් / අධිකාරිය විසින් / නියාමකයා විසින් එච්එන්බී වෙත උපදෙස් ලබාදුනහොත් එවිට, FIU/ අධිකාරිය / නියාමක විසින් අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීමට හැකිවනු පිණිස එච්එන්බී විසින් ගනුදෙනුව අත්හිටුවනු ඇත.
ඔ. ඉහත කී දෑ සම්බන්ධයෙන් එච්එන්බී විසින් ගනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයක් පිළිබඳව දැනුවත්වීමට ගනුදෙනුකරු හිමිකම් නොලබනු ඇති අතර, තවද එච්එන්බී විසින් ගනු ලබන එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් එච්එන්බී විසින් ගනුදෙනුකරු වෙත වගකිවයුතු නොවේ හෝ වගකීමට නොබැඳේ.
ඕ. එච්එන්බී විසින් නියම කරනු ලැබිය හැකි පරිදි අදාළ වෙළඳ සීමාවට, ගනුදෙනු කිරීමේ සීමාවට සහ දිනක සීමාවට ගනුදෙනුකරු යටත් විය යුතු අතර, තවද ඒවාට අනුකූල විය යුතුය. ඔහුගේම/ඇයගේම දිනක සීමාව සහ ගනුදෙනු කිරීමේ සීමාව ඇතුලත් කර ගැනීමේ විකල්පය ගනුදෙනුකරුට ඇති අතර, කෙසේවෙතත්, එම සීමාවන් අදාළ වෙළඳ සීමාව, ගනුදෙනු කිරීමේ සීමාව සහ දිනක සීමාව තුල විය යුතුය.
ක. ජංගම උපාංගය වෙත යවනු ලබන ස්ථිර කරගැනීමේ පණිවිඩයක් හරහා ගෙවීම් කරන ගනුදෙනුව පිළිගන්නේද හෝ ප්‍රතික්ෂේප කරන්නේ ද යන වග තීරණය කිරීම සඳහා, ගෙවීම් කරන ගනුදෙනුවක් ආරම්භ කරන අවස්ථාවේදී ජංගම උපාංගය ඔහුගේ/ඇයගේ සන්තකයේ තබා ගැනීමට ගනුදෙනුකරු එකඟ වේ.
6.1 ගෙවීම් කිරීමේ මාධ්‍ය
අ. ‘SOLO වෙබ් අඩවියේ’ දක්වා ඇති පරිදි වන එච්එන්බී හි පිරිවිතරයන්ට අනුව, ගනුදෙනුකරු විසින් අනෙකුත් බැංකු / මුල්‍ය ආයතන වලින් ගෙවීම් කිරීමේ මාධ්‍ය ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුමට’ සම්බන්ධ කරනු ලැබිය හැකිය. ගෙවීම් කිරීමේ මාධ්‍යයක් ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුමට’ සාර්ථක ලෙස සම්බන්ධ කළ පසුව, ගනුදෙනුකරු වෙත ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ ලබාදීම සඳහා අවශ්‍ය විය හැකි අදාළ ගිණුම් / කාඩ්පත් අංක එච්එන්බී විසින් ගබඩා කරගනු ඇත. ගෙවීම් කිරීමේ මාධ්‍ය සම්බන්ධයෙන් ගනුදෙනුකරු සහ එවැනි වෙනත් බැංකු / මුල්‍ය මාධ්‍ය අතර පවතින කිසිදු ගිවිසුමකට එච්එන්බී පාර්ශවකරුවකු නොවන අතර, තවද ණය නිකුත් කිරීම සඳහා හෝ ණය සඳහා සුදුසුකම් ලබන බවට තීරණය කිරීම සඳහා එච්එන්බී සම්බන්ධ නොවන බවට ගනුදෙනුකරු පිළිගනී. එවැනි ගෙවීම් කිරීමේ මාධ්‍ය කිසිවක් යහපත් තත්වයේ පවතින බවට හෝ ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හරහා සිදුකරනු ලබන කිසිදු ගෙවීම් කිරීමේ ගනුදෙනුවක් අදාළ බැංකුව / මුල්‍ය ආයතනය විසින් අනුමත කරනු ඇති බවට හෝ ඒ සඳහා අවසර දෙනු ඇති බවට එච්එන්බී විසින් කිසිදු නියෝජනයක් හෝ ස්ථිර කිරීමක් සිදු නොකරයි.
ආ. ලබාදී ඇති ගෙවීම් කිරීමේ මාධ්‍යයක් සමග ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ ගනුදෙනුකරු විසින් පාවිච්චි කිරීම, මෙම කොන්දේසි හා නියමයන් මගින් මෙන්ම අදාළ ගෙවීම් කිරීමේ මාධ්‍ය විවෘත කරන ලද / නිකුත් කරන ලද බැංකුවට / මුල්‍ය ආයතනයට අදාළ කොන්දේසි / රහස්‍ය ප්‍රතිපත්තිය මගින් පාලනය වේ. එම කොන්දේසි හෝ රහස්‍ය ප්‍රතිපත්තිය මෙම කොන්දේසි හා නියමයන් මගින් වෙනස් නොකරයි. මෙම කොන්දේසි හා නියමයන් සහ අදාළ බැංකුවේ / මුල්‍ය ආයතනයේ කොන්දේසි අතර කිසියම් හෝ නොගැළපිමක් ඇතිවුවහොත් එවිට, SOLO සම්බන්ධයෙන් ගනුදෙනුකරු සහ එච්එන්බී අතර සම්බන්ධතාවය මෙම කොන්දේසි හා නියමයන් මගින් පාලනය වන අතර, ගනුදෙනුකරු සහ එම බැංකුව / මුල්‍ය ආයතනය අතර සම්බන්ධතාවය බැංකුවේ / මුල්‍ය ආයතනයේ කොන්දේසි මගින් පාලනය වනු ඇත.
ඇ. ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුමට’ සම්බන්ධ කිරීම සඳහා ගෙවීම් මාධ්‍යයන් නම්කිරීම මගින්, ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීමේ අරමුණු සඳහා ගෙවීම් කිරීමේ මාධ්‍ය හර කිරීමට සහ බැර කිරීමට එච්එන්බී වෙත ගනුදෙනුකරු විසින් කැමැත්ත ලබාදෙන බවට ගනුදෙනුකරු එකඟ වේ. ගෙවීම් කිරීමේ මාධ්‍ය වලට සම්බන්ධ මෙහෙයුම් උපදෙස්, ගනුදෙනුකරු විසින් ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීම සමග අනුකූල වන බවට ගනුදෙනුකරු විසින් වගබලා ගන්නා බවට ගනුදෙනුකරු විසින් එච්එන්බී වෙත නියෝජනය කරයි, සහතික කරයි සහ භාරගනී.
ඈ. ගෙවීම් කිරීමේ මාධ්‍ය ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුමට’ සම්බන්ධ කිරීමට තෝරා ගැනීම මගින්, ගනුදෙනුකරු වෙත සපයනු ලබන භාණ්ඩ හෝ සේවාවන් සඳහා මුදල් අයකිරීමට තුන්වන පාර්ශවයකට හැකිවනු පිණිස, තුන්වන පාර්ශවයක් වෙත එවැනි ගෙවීම් කිරීමේ මාධ්‍යවල සහ අදාළ තොරතුරු වල විස්තර එච්එන්බී විසින් ලබාදෙනු ඇති බවට ගනුදෙනුකරු පිළිගනී සහ ඒ සඳහා කැමැත්ත ලබාදේ. එවැනි අවස්ථාවන් වලදී, එවැනි තොරතුරු තුන්වන පාර්ශවය වෙත ලබාදීමෙන් අනතුරුව, ගනුදෙනුව සම්බන්ධයෙන් එම තුන්වන පාර්ශවය සමග තවදුරටත් සම්බන්ධතාවයක් එච්එන්බී වෙත නොපවතිනු ඇත. එවැනි තුන්වන පාර්ශවීය ගනුදෙනුවක් මගින් පැනනගින කිසිදු ගැටළුවක් සඳහා එච්එන්බී වගකිවයුතු නොවේ. ආරවුල් පැනනැගුනහොත්, ගනුදෙනුකරු විසින් එවැනි ගෙවීම් කිරීමේ මාධ්‍ය විවෘත කරන ලද හෝ නිකුත් කරන ලද තුන්වන පාර්ශවය හෝ මුල්‍ය ආයතනය සමග සම්බන්ධවිය යුතුය.
ඉ. ‘SOLO ගිණුමේ’ ඇති ගෙවීම් කිරීමේ මාධ්‍ය සම්බන්ධයෙන් නිරවද්‍ය තොරතුරු (කල් ඉකුත්වන දින, යාවත්කාලීන කරන ලද කාඩ්පත් අංක ආදිය) පවත්වාගෙන යාම සඳහා ගනුදෙනුකරු වගකිව යුතු වේ. ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුම’ සමග ගෙවීම් කිරීමේ මාධ්‍ය ලියාපදිංචි කිරීම සඳහා සියලු අයිතිවාසිකම් සහ බලය ගනුදෙනුකරුට ඇති බවට ගනුදෙනුකරු එච්එන්බී වෙත නියෝජනය කරයි සහ ප්‍රතිඥා දේ.
7. ගාස්තු
අ. එච්එන්බී වෙබ් අඩවිය වන www.hnb.net සහ/හෝ ‘SOLO වෙබ් අඩවියේ’ ප්‍රසිද්ධ කර ඇති, එච්එන්බී සිල්ලර සේවා ගාස්තු වෙබ් පිටුවේ දක්වා ඇති පරිදි, ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිව්චි කිරීම සම්බන්ධයෙන් වන ගාස්තු සහ වියදම් (සමප්ත කිරීමේදී වන සියලු ගාස්තු සහ වියදම් ද ඇතුළුව) (සාමූහිකව ‘ගාස්තු’ වශයෙන් දක්වනු ඇති) (එවැනි දෑ ඇත්නම්) ගනුදෙනුකරු විසින් දැරිය යුතුය. ගාස්තු කලින් කලට සංශෝධනය කිරීමට ඇති අයිතිය එච්එන්බී විසින් රඳවා තබා ගනී.
ආ. ගනුදෙනුකරු විසින් ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගෙවිය යුතු වන සියලු බදු, මුද්දර ගාස්තු සහ/හෝ අනෙකුත් අයකිරීම් (සාමූහිකව ‘අයකිරීම්’ වශයෙන් දක්වනු ඇති) ගනුදෙනුකරු විසින් එච්එන්බී වෙත ගෙවිය යුතුව හෝ ප්‍රතිපූරණය කළ යුතුය.
ඇ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු වන සියලු ගාස්තු සහ අයකිරීම් (සාමූහිකව ‘ගාස්තු’ වශයෙන් දක්වනු ඇති) සඳහා, එච්එන්බී හෝ ගනුදෙනුකරු විසින් SOLO සමග සම්බන්ධ කර ඇති ඕනෑම ගෙවීම් කිරීමේ මාධ්‍යක් හෝ ගනුදෙනුකරුට එච්එන්බී සමග ඇති වෙනත් ඕනෑම ගිණුමක් හර කිරීම සඳහා එච්එන්බී ට අයිතිය ඇති බවට ගනුදෙනුකරු එකඟ වේ.
ඈ. ගනුදෙනුකරු විසින් ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්ච් කරන අතරතුරදි තුන්වන පාර්ශවයන් විසින් අයකරනු ලැබිය හැකි සියලු ගාස්තු සහ අයකිරීම් සඳහා ගනුදෙනුකරු විසින් වගකීම දැරිය යුතුය. සැකයන් මගහැරීම සඳහා, සම්බන්ධ කරන ලද ගෙවීම් මාධ්‍ය වලට අදාළ වාහකයන් (ටෙලිකොම් මෙහෙයවන්නන්) සහ බැංකු/මුල්‍ය ආයතන විසින් අයකරනු ලබන සියලු ගාස්තු සහ වියදම් සඳහා ගනුදෙනුකරු වගකීම දැරිය යුතුය.
8. ගනුදෙනුකරුගේ එකඟතාවයන්
අ. ජංගම උපාංගයේ ආරක්ෂාව ගනුදෙනුකරු විසින් දැරිය යුතුය.
ආ. ජංගම උපාංගයේ ආරක්ෂාව පාරිභෝගිකයා සතු විය යුතුය.
i. ආරක්ෂිත ආකාරයකට ජංගම උපාංගය ගබඩා කර තබා ගැනීම;
ii. ‘පරිශීලක සාක්ෂි’ (User Credentials) රහස්‍යව තබා ගැනීම; සහ
iii. ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ වලට ප්‍රවේශවීම සඳහා පාවිච්චි කරන ‘පෞද්ගලික හඳුනාගැනීමේ අංක’ (PIN) කේතය (PIN code), ‘පරිශීලක සාක්ෂි’ (User Credentials) වලින් වෙනස් ස්ථානයක තබා ගැනීම.
ආ. කිසියම් හෝ ජංගම උපාංගයක් අස්ථානගත වුවහොත්, ‘SOLO සහය’ වෙත අමතමින් සහ එච්එන්බී විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් ගනුදෙනුකරු විසින් ඒ බව වහාම එච්එන්බී වෙත දැනුම්දිය යුතුය.
ඇ. කිසියම් ජංගම උපාංගයක් අස්ථානගතවූ විට සහ/හෝ ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුමේ’ රහස්‍යභාවය සහ ආරක්ෂාව අවදානමකට ලක්වීමට ඉඩ ඇති අවස්ථාවක හෝ අනාගතයේදී අවදානමකට ලක්වීමට සම්භාවිතාවයක් ඇති අවස්ථාවකදී, එම අවස්ථාවන් පිළිබඳව වහාම එච්එන්බී ව දැනුවත් කිරීම ගනුදෙනුකරුගේ සම්පූර්ණ වගකීම වේ. විශේෂයෙන්ම, එවැනි අවස්ථාවන් පිළිබඳව එච්එන්බී වෙත වාර්තා කිරීම සඳහා ගනුදෙනුකරු විසින් වහාම ‘SOLO සහය’ වෙත ඇමතිය යුතු වන අතර, තවද එම ගැටළුව නිවැරදි කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් අන්‍යාකාරයෙන් කටයුතු කිරීමට එච්එන්බී විසින් ගනුදෙනුකරු වෙත ලබාදී ඇති උපදෙස් අනුගමනය කළ යුතුය. මෙම කොන්දේසි හා නියමයන් වල අන්තර්ගත වෙනත් කිසිදු වගන්තියකට අගති රහිතව, ගනුදෙනුකරුගේ ජංගම උපාංගයේ සහ/හෝ ‘SOLO ගිණුමේ’ රහස්‍යභාවය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමට ගනුදෙනුකරු අපොහොසත්වීම හේතුවෙන්, ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුම’ හරහා කිසියම් අවසර නොලත් පුද්ගලයකු විසින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු සඳහා ගනුදෙනුකරු වගකිව යුතු වන බවට ගනුදෙනුකරු පිළිගනී.
ඈ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ මත ඇති ගනුදෙනුකරුගේ නිශ්චිත ‘SOLO ගිණුමකට’ අදාළ වන ‘පරිශීලක සාක්ෂි’ (User Credentials) පාවිච්චි කරමින් ඕනෑම ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඒවා අවසානාත්මක සහ එම ගනුදෙනුකරු මත බන්ධනීය වන අතර, තවද එම ගනුදෙනු සම්බන්ධයෙන් ගනුදෙනුකරු වගකීමට බැඳේ. ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුමට’ සහ/හෝ අදාළ ‘පරිශීලක සාක්ෂි’ (User Credentials) වෙත වෙනත් කිසිදු පුද්ගලයකුට ප්‍රවේශය නොමැති බවට වගබලාගැනීමේ වගකීම ගනුදෙනුකරු සතුය.
ඉ. ගනුදෙනුකරු විසින් ගනුදෙනුකරුගේ ‘SOLO ගිණුමට’ ප්‍රවේශ වීමට ඉඩ ලබාදෙන හෝ ‘පරිශීලක සාක්ෂි’ (User Credentials) අන්‍යාකාරයෙන් පාවිච්චි කරන පුද්ගලයකු විසින් සිදුකරනු ලබන සියලු සහ ඕනෑම ගනුදෙනුවක් සඳහා සහ ‘පරිශීලක සාක්ෂි’ (User Credentials) පාවිච්චි කිරීම හෝ අවභාවිතා කිරීම මගින් ඇතිවන සියලු සහ ඕනෑම ප්‍රතිවිපාකයක් සඳහා ගනුදෙනුකරු විසින් වගකීම දැරිය යුතුය.
ඊ. සිදුකරනු ලබන්නේ ගනුදෙනුකරු විසින් අදහස් කරන ලද ගනුදෙනු බවට වගබලාගැනීම සඳහා, ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාවට’ ඇතුලත් කරන සියලු තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කිරීමේ වගකීම ගනුදෙනුකරු සතුය.
උ. ‘SOLO ගිණුම’ හරහා සිදුකරනු ලබන ඕනෑම ගනුදෙනුවක සත්‍යතාවය පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවයක් එච්එන්බී වෙත නොමැති අතර, තවද ගනුදෙනුකරුවකුගේ අදාළ ‘පරිශීලක සාක්ෂි’ (User Credentials) මගින් වලංගු කරන ලද උපදෙස් ඉටු කිරීම සඳහා එච්එන්බී වගකිව යුතු නොවේ.
ඌ. මෙම කොන්දේසි හා නියමයන් වල අන්තර්ගත වෙනත් කිසිදු ප්‍රතිපාදනයකට අගති රහිතව, පහත දැක්වෙන අවස්ථාවන් වලදී සහ අදාළ නීතිවල නිශ්චිතව දක්වා ඇති වෙනත් ඕනෑම අවස්ථාවකදී, ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ මත ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට ගනුදෙනුකරු අපොහොසත්වීම සඳහා කවරාකාරයක හෝ කිසිදු ආකාරයකින් එච්එන්බී ව වගකීමට යටත්කළ නොහැකි බව ගනුදෙනුකරු නිශ්චිතවම පිළිගනී:
i. ගනුදෙනුව, නිශ්චිත ගනුදෙනුකරුවකු වෙත ලබාදෙන ලද ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාවේ’ විෂයපථය තුල නොවීම;
ii. එච්එන්බී හි පරම අභිමතය පරිදි, ගනුදෙනුව සැක සහිත හෝ නීතිවිරෝධී වන බවට එච්එන්බී අදහස් කරන විට;
iii. ගනුදෙනුව මගින් ‘වෙළඳ සීමාව’, ‘දිනක සීමාව’ හෝ ‘ගනුදෙනු කිරීමේ සීමාව’ උල්ලංඝනය කරන විට;
iv. ගනුදෙනුව පිළිගැනීමට වෙළෙන්දා ප්‍රතික්ෂේප කරන විට;
v. ගනුදෙනුව සිදුකිරීම සඳහා අදාළ ගෙවීම් මාධ්‍යයේ ප්‍රමාණවත් අරමුදල් ගනුදෙනුකරුට නොමැති විට;
vi. ගනුදෙනුකරු විසින් භාවිතා කරන ලද ජංගම උපාංගය ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාවට’ නොගැළපේ නම් හෝ එය කිසියම් හෝ ආකාරයකින් දෝෂ සහිත වේ නම් හෝ ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය කරන පිරිවිතරයන් සපුරාලීමට අපොහොසත් වන විට;
vii. ගනුදෙනුව සිදුකරන හෝ සිදුකිරීමට උත්සාහ කරන වෙළෙන්දාගේ උපකරණය හරියාකාරව ක්‍රියා නොකරන විට;
viii. ගෙවීම් මාධ්‍යයක් අලුත් කිරීමට අපොහොසත්වීම;
ix. ගනුදෙනුකරු විසින් හෝ තුන්වන පාර්ශවයක් විසින් ලබාදෙන ලද ගනුදෙනුවේ තොරතුරු වැරදි වන විට හෝ නියමිත කාලය තුල නොවීම; හෝ
x. එච්එන්බී හි පාලනයෙන් තොර තත්වයන් හේතුවෙන් (ගංවතුර හෝ ගිනි ගැනීම් ඇතුලත් නමුත් ඒවාට සීමා නොවී), ඕනෑම අවස්ථාවකදී පාවිච්චිය සඳහා ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ නොමැති වීම.
එ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හරහා සිදුකරනු ලබන සියලු ගෙවීම් කිරීමේ ගනුදෙනු තත්කාලීනව (real time) සිදුකරන බවට ගනුදෙනුකරු පිළිගනී. ඒ අනුව, පුද්ගලික ගෙවීම් මාධ්‍ය වලට අදාළ කොන්දේසි හා නියමයන් වල ප්‍රකාශිතවම නිශ්චිතව දක්වා ඇති විට හැරෙන්නට, ගනුදෙනුකරු විසින් එයට ඇතුලත් වූ පසු සිදුකරනු ලබන කිසිදු ගෙවීම් කිරීමේ ගනුදෙනුවක් නැවැත්වීමට හෝ එය ආපසු හැරවීමට එච්එන්බී භාර නොගනී.
ඒ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ පාවිච්චි කරමින් ගනුදෙනුකරු විසින් වෙළෙන්දන් සමග සිදුකරන ලද කිසිදු ගනුදෙනුවක් සඳහා ගනුදෙනුකරු විසින් එච්එන්බී ව වගකීමට යටත් නොකළ යුතුය. යම් ගනුදෙනුවක් සිදුකරන අවස්ථාවේදීම ගනුදෙනුවේ සියලු අංග සම්පූර්ණ කරන බවට වගබලාගැනීම සඳහා පියවර ගැනීමේ වගකීම ගනුදෙනුකරු සතුය.
ඔ. වෙළෙන්දෙකු විසින් සපයන ලද භාණ්ඩ සහ සේවාවන් වල තත්වය සඳහා කිසිදු වගකීමක් එච්එන්බී විසින් භාර නොගනී.
ඕ. එච්එන්බී හි නිෂ්පාදන හෝ වෙනත් ඕනෑම තුන්වන පාර්ශවයක නිෂ්පාදන ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හරහා ගනුදෙනුකරු වෙත ප්‍රවර්ධනය කිරීමට එච්එන්බී වෙත හිමිකම තිබේ.
ක. එච්එන්බී හි අලෙවිකරන ද්‍රව්‍ය ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ මත ඉලෙක්ට්‍රොනිකව ප්‍රදර්ශනය කිරීමේ අයිතිය එච්එන්බී විසින් රඳවා තබා ගනී.
9. නිෂ්පාදනයන් අනුමත නොකරන බව
එච්එන්බී විසින් පහත සඳහන් දෑ සඳහා නියෝජනයන් හෝ අනුමත කිරීම් සිදු නොකරන අතර, තවද ඒ සඳහා වග නොකියනු ඇත:
අ. කිසිදු වෙළෙන්දෙකුගේ හෝ තුන්වන පාර්ශවීය සැපයුම්කරුවකුගේ (‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාවට’ සම්බන්ධ කර ඇති බැංකු ගිණුම්, හර පත් සහ ණයවර පත් වලට අදාළ මූල්‍ය ආයතන සහ ටෙලිකොම් මෙහෙයවන්නන් ඇතුළුව) විශ්වසනීයත්වය හෝ කාර්ය සාධනය සම්බන්ධයෙන්;
ආ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ මත ගබඩා කරනු සහ/හෝ ආපසු ගත හැකි කිසිදු නිෂ්පාදනයක, සේවාවක, අර්පණයක පක්ෂපාතී වැඩසටහනක හෝ වෙනත් අයිතම වල; හෝ ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හරහා ප්‍රදර්ශනය කරන ලද හෝ බෙදාහරින ලද, මිලඳී ගන්නා ලද හෝ ගෙවීම් කරන ලද කිසිදු උපදෙසක්, මතයක්, අර්පණයක්, යෝජනාවක්, ප්‍රකාශයක්, දත්ත හෝ වෙනත් තොරතුරු (සාමූහිකව ‘අන්තර්ගතයන්’ යනුවෙන් දක්වනු ඇති) වල ආරක්ෂාව, තත්වය, නිරවද්‍යතාවය, විශ්වසනීයත්වය, අඛණ්ඩතාව හෝ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන්; හෝ
ඇ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ පාවිච්චි කරමින් නිෂ්පාදන සහ සේවාවන් මිළඳී ගැනීමට හෝ නිදහස් කරගැනීමට ගනුදෙනුකරුට ඇති හැකියාව සම්බන්ධයෙන්. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ ඇති ඕනෑම අන්තර්ගතයක දෝෂ හෝ අතපසුවීම් සඳහා එච්එන්බී විසින් මෙමගින් කිසිදු වගකීමක් හෝ වගකිවයුතු වීමක් බැහැර කරනු ලැබේ. විරෝධතා ඇතිවිය හැකි, වැරදිසහගත, නීතිවිරෝධී, වංචනික හෝ අන්‍යාකාරයෙන් කොන්දේසි හා නියමන් උල්ලංඝනය වන අන්තර්ගතයන් සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් එච්එන්බී හි තනි සහ පරම අභිමතය පරිදි සංස්කරණය කිරීමට, වෙනස් කිරීමට, පළ කිරීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉවත්කිරීමට ඇති අයිතිය එච්එන්බී විසින් රඳවා තබාගන්නා නමුත්, එසේ කිරීම සඳහා එච්එන්බී වෙත වගකීමක් නොමැත.
10. දැනුම්දීම්, උපදෙස් සහ නියමිත ආකාර
අ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ සම්බන්ධයෙන් (‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසි හා නියමයන් වල වෙනස්වීම්, ගාස්තු සහ වියදම් ප්‍රසිද්ධ කිරීම සහ මෙහෙයුම් උපදෙස් ඇතුළුව) වන දැනුම්දීම්, එච්එන්බී විසින් කලින් කලට ජංගම දුරකථන අංකය වෙත කෙටි පණිවිඩයක් මාර්ගයෙන් හෝ ගනුදෙනුකරුගේ ලියාපදිංචි කරන ලද විද්‍යුත් තැපැල් ලිපිනයට විද්‍යුත් තැපෑලක් මගින් හෝ ‘SOLO යෙදුම’ හරහා කරනු ලබන නිවේදනයන් මගින් හෝ ‘SOLO වෙබ් අඩවිය’ මත සිදුකරනු ලබන පළකිරිමක් මගින් හෝ එච්එන්බී හි තනි අභිමතය පරිදි සුදුසු යැයි එච්එන්බී විසින් සලකනු ලබන වෙනත් ඕනෑම ආකාරයකට ලබාදිය හැකිය / සිදුකළ හැකිය. නිවේදනයන් වහාම ගනුදෙනුකරු වෙත බන්ධනීය වනු ඇත. එවැනි දැනුම්දීම් විද්‍යුත් මාර්ගයෙන් ලබාගැනීමට ගනුදෙනුකරු එකඟ වේ සහ ඒ සඳහා කැමැත්ත ලබාදෙන අතර, තවද ඉහත සඳහන් කරන ලද ආකාර හරහා ලබාදෙන එච්එන්බී හි එවැනි නිවේදන විවෘත කිරීමේ සහ ඒවා සමාලෝචනය කිරීමේ වගකීම ගනුදෙනුකරු සතුය.
ආ. ‘SOLO වෙබ් අඩවිය’ මත එච්එන්බී විසින් නිශ්චිතව සඳහන් කර ඇති ආකාරයට එච්එන්බී බලයලත් කාර්යාලයක් වෙත ඉල්ලීම ලැබුණු විට සහ එම දැනුම්දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එච්එන්බී වෙත සාධාරණ කාලයක් ලැබීමෙන් අනතුරුව පමණක්, ගනුදෙනුකරු විසින් යවන ලද උපදෙස්, ඉල්ලීම් හෝ දැනුම්දීම් එච්එන්බී වෙත ලැබුණු බවට සැළකිය යුතුය.
ඇ. ‘SOLO ගිණුමේ’ මෙහෙයුම් අවහිර කිරීමට, නවීකරණය කිරීමට, වෙනස්කිරීමට හෝ නැවත ආරම්භකිරීම සඳහා ලබාදෙන ඕනෑම උපදෙසක්, එම උපදෙස් එච්එන්බී විසින් ස්ථිර කර ගැනීමෙන් අනතුරුව පමණක් සිදුකරනු ඇත.
ඈ. නැතිවූ ජංගම දුරකථන පිළිබඳව සහ සේවා සමප්ත කිරීමේ නිවේදන සම්බන්ධයෙන් වාර්තා කිරීම ඇතුළුව නමුත් ඒවාට සීමා නොවී, නිශ්චිත අවස්ථාවන් පිළිබඳව ගනුදෙනුකරු විසින් එච්එන්බී වෙත දැනුම්දිය යුතු ආකාරය සහ ආකෘතිය සම්බන්ධයෙන් උපදෙස් සහ තොරතුරු ‘SOLO සහය’ සහ ‘SOLO වෙබ් අඩවිය’ හරහා එච්එන්බී විසින් ලබාදෙනු ඇත.
ඉ. ප්‍රකාශන:
i. ගනුදෙනුකරු විසින් ගනුදෙනු ප්‍රකාශ, උපදෙස්, ඇඟවීම්, නියෝග ක්‍රියාත්මක කිරීම් සහ ‘SOLO යෙදුම’ හරහා සිදුකරනු ලබන ගනුදෙනු සම්බන්ධ එවැනි වෙනත් ප්‍රකාශ සහ තොරතුරු වල නිවැරදිභාවය සහ සම්පූර්ණත්වය වහාම පරීක්ෂාකර බැලිය යුතු වන අතර, ඒවා සම්බන්ධයෙන් කිසියම් හෝ විරෝධතාවයක් වෙතොත් ඒ බව ලිඛිතව වහාම එච්එන්බී වෙත හෝ වෙනත් ගෙවීම් මාධ්‍ය නිකුත් කරන ආයතන වෙත දැනුම්දිය යුතු වන අතර, එසේ නොකළහොත් එම ප්‍රකාශ, උපදෙස් සහ තොරතුරු ගනුදෙනුකරු වෙත බන්ධනීය වන බවට උපකල්පනය කරනු ඇත.
11. ආරවුල් විසඳීම
අ. ගනුදෙනුකරුගේ විමසීම්, ආරවුල් සහ ලැබුනු පැමිණිලි (සාමූහිකව ‘ආරවුල’ යනුවෙන් දක්වනු ඇති) පිළිබඳව ගනුදෙනුකරුට ප්‍රතිචාර දැක්වීමේ අරමුණු සඳහා එච්එන්බී විසින් ‘SOLO සහය’ ස්ථාපනය කරනු ඇත.
ආ. SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන් සම්බන්ධයෙන් කිසියම් හෝ ආරවුලක් ඇතිවුවහොත් ගනුදෙනුකරු විසින් ‘SOLO සහය’ අමතා ඒ බව එච්එන්බී වෙත වාර්තා කළ යුතුය. සෑම ආරවුලක් සඳහාම යොමු අංකයක් ලබාදෙනු ඇති අතර, තවද ඒ පිළිබඳව පරීක්ෂා කොට වැඩිදුර පියවර ගැනීම සඳහා ආරවුල එච්එන්බී හි අදාළ දෙපාර්තමේන්තුව හෝ අංශය වෙත ඉදිරිපත් කරනු ඇත. සියලු පැමිණිලි එච්එන්බී විසින් අධීක්ෂණය කොට නිසි පරිදි පසු විපරම් කරනු ඇත.
ඇ. ආරවුල වාර්තාගත කරන දිනයේ සිට වැඩකරන දින තුන (03) ක් ඇතුලත එච්එන්බී විසින් ආරවුල සම්බන්ධයෙන් ගනුදෙනුකරු වෙත ප්‍රතිචාර දක්වනු ඇති අතර, තවද එම වැඩකරන දින තුන (03) ක කාලපරිච්ඡේදය ඇතුලතදී එච්එන්බී විසින් ගනුදෙනුකරු වෙත අතුරු ප්‍රතිචාරයක් ලබාදෙනු ඇති අතර, තවද ගනුදෙනුකරු වෙත අවසාන ප්‍රතිචාරයක් ලබාදෙනු ඇති දිනය පිළිබඳව එච්එන්බී විසින් ගනුදෙනුකරු වෙත දැනුම්දෙනු ඇත. ගනුදෙනුකරුගේ ආරවුල යුක්තිසහගත වන බවට එච්එන්බී විසින් තීරණය කළහොත්, ආරවුල විසඳීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව එච්එන්බී විසින් එම ප්‍රතිචාරයේදී ගනුදෙනුකරු වෙත දැනුම්දෙනු ඇත. එච්එන්බී විසින් ආරවුලක් සඳහා ප්‍රතිචාරය වාචිකව හෝ ලිඛිතව ලබාදෙනු ඇත.
12.<span> </span>අක්‍රීය කිරීම සහ සමප්ත කිරීම <br>
අ. ගනුදෙනුකරු විසින් ‘SOLO ගිණුම’ සමප්ත කිරීමට කැමති නම්, ‘SOLO සහය’ හා සම්බන්ධ වෙමින් සහ එහි ලබාදී ඇති උපදෙස් අනුගමනය කිරීම මගින් ගනුදෙනුකරු විසින් ‘SOLO ගිණුම’ සමප්ත කරනු ලැබිය හැකිය.
ආ. ගනුදෙනුකරු විසින් ‘SOLO ගිණුමෙන්’ කිසියම් හෝ ගෙවීම් මාධ්‍යයක් අක්‍රීය කිරීමට හෝ ඉවත්කිරීමට කැමති නම්, ‘SOLO යෙදුමේ’ ඇති උපදෙස් අනුගමනය කිරීම මගින් හෝ ‘SOLO සහය’ හා සම්බන්ධ වෙමින් සහ එහි ලබාදී ඇති උපදෙස් අනුගමනය කිරීම මගින් ගනුදෙනුකරු විසින් එසේ අක්‍රීය කිරීම හෝ ඉවත්කිරීම සිදුකරනු ලැබිය හැකිය.
ඇ. ‘SOLO ගිණුම’ අක්‍රීය කිරීමට හෝ සමප්ත කිරීමට පෙරාතුව ගනුදෙනුකරු විසින් සියලු හිඟ ගාස්තු සහ/හෝ අයකිරීම් ගෙවිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත්, එම ගාස්තු සහ/හෝ අයකිරීම් අයකරගැනීම සඳහා ‘SOLO ගිණුම’ හා සම්බන්ධ කර ඇති ගිණුම/ගිණුම් හෝ ගනුදෙනුකරුට එච්එන්බී හි ඇති වෙනත් ඕනෑම ගිණුමක් හර කිරීමට එච්එන්බී වෙත හිමිකම ලැබේ.
ඈ. ගනුදෙනුකරු වෙත හෝ කිසිදු තුන්වන පාර්ශවයක් වෙත කිසිදු වගකීමකින් තොරව, එච්එන්බී හි තනි හා පරම අභිමතය පරිදි, ඕනෑම අවස්ථාවකදී කවරාකාරයක හෝ ඕනෑම හේතුවක් මත දින හත (07) ක දැනුම්දීමක් කිරීම මගින් හෝ කිසිදු පූර්ව ඇඟවීමකින් තොරව එහි අභිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ ඕනෑම එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමට හෝ සමප්ත කිරීමට අයිතිවාසිකම එච්එන්බී වෙත තිබේ.
ඉ. ‘SOLO ගිණුම’ ඇතුළුව ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදීකා’ ඕනෑම එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සමප්ත කිරීම හේතුවෙන්, සියලු ගනුදෙනු සම්බන්ධයෙන් වන ගනුදෙනුකරුගේ වගකීම් වලට සහ මෙම කොන්දේසි හා නියමයන් යටතේ වන වෙනත් ඕනෑම බැඳීමකට බලපෑමක් සිදු නොවිය යුතුය. සමප්ත කිරීමෙන් අනතුරුව, ‘පරිශීලක සාක්ෂි’ (User Credentials) අක්‍රීය කිරීම සහ ‘SOLO ඩිජිටල් ගෙවීම්’ සඳහා අනාගතයේදී ප්‍රවේශය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළුව නමුත් ඒවාට සීමා නොවී, ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ වෙත ප්‍රවේශය ලබාගැනීම වැළැක්වීමට ඇති අයිතිය එච්එන්බී විසින් රඳවා තබා ගනී.
ඊ. ගනුදෙනුකරු වෙත හෝ කිසිදු තුන්වන පාර්ශවයක් වෙත කිසිදු වගකීමකින් තොරව, එච්එන්බී හි තනි හා පරම අභිමතය පරිදි, ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ සමහරක් හෝ සියල්ල සඳහා ප්‍රවේශය අවහිර කිරීම ඇතුළුව, ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පොදු පරිචයන් සහ සීමා කිරීම් යෙදීමට ඇති අයිතිය එච්එන්බී විසින් රඳවා තබාගනී.
උ. නීතිවිරෝධී හෝ අනවසර ක්‍රියාකාරකම් සහ/හෝ අරමුණු සඳහා ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කරන බවට එච්එන්බී විසින් තීරණය කරනු ලැබුවහොත් එවිට, එච්එන්බී හි පරම අභිමතය පරිදි පූර්ව දැනුම්දීමකින් තොරව, ගනුදෙනුකරු විසින් ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ වලට ප්‍රවේශය ලබාගැනීම අවලංගු කිරීම සහ/හෝ අනාගතයේදී නව ‘SOLO ගිණුමක්’ නිර්මාණය කිරීම සඳහා ගනුදෙනුකරු වෙත ප්‍රවේශය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සිදුකරනු ලැබිය හැකිය.
13. වන්දිපූරණය
පහත දැක්වෙන අවස්ථාවන් මගින් පැනනගිනු ලබන, ඇතිවන හෝ ඊට සම්බන්ධ; වන්දි ලබන පාර්ශවයන් විසින් දරන ලද සාධාරණ නීතිඥ ගාස්තු සහ පිරිවැය ඇතුළුව නමුත් ඒවාට සීමා නොවී, සියලු සහ ඕනෑම හිමිකම්පෑම්, පාඩු, ඉල්ලීම්, නඩු නිමිති, ණය හෝ වගකීම් සඳහා සහ ඊට එරෙහිව, ගනුදෙනුකරු විසින් එච්එන්බී සහ එහි අනුබද්ධයන් සහ අනිකුත් ආශ්‍රිතයන් සහ (වෙළඳුන්, අනෙකුත් මූල්‍ය ආයතන සහ වෙනත් ගනුදෙනුකරුවන් ඇතුළුව නමුත් ඒවාට සීමා නොවී) ඒවායේ සහ ඔවුන්ගේ අධ්‍යක්ෂවරුන්, නිලධාරින්, අයිතිකරුවන්, නියෝජිතයින්, සම-සන්නාමකරුවන් හෝ වෙනත් හවුල්කරුවන්, සේවකයින්, තොරතුරු සපයන්නන් බලපත්‍රදායකයන්, බලපත්‍රලාභීන්, උපදේශකයින්, කොන්ත්‍රාත්කරුවන් සහ අනෙකුත් අදාළ තුන්වන පාර්ශවයන් (සාමූහිකව ‘වන්දි ලබන පාර්ශවයන්’ යනුවෙන් දක්වනු ඇති) වෙත වන්දිපූරණය කිරීම, ආරක්ෂා කිරීම සහ හානියක් සිදුනොවන බවට වගබලාගත යුතුය.
i. ගනුදෙනුකරු විසින් ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීම;
ii. ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ පාවිච්චි කිරීමේදී සිදුකරනු ලබන ගනුදෙනුකරුගේ නොසැළකිලිමත්වීම් හෝ පැහැර හැරීම්;
iii. කොන්දේසි හා නියමයන් වල කිසියම් හෝ කොන්දේසියක් ගනුදෙනුකරු විසින් උල්ලංඝනය කිරීම හෝ ඊට අනුකූල නොවීම;
iv. ගනුදෙනුකරුගේ ක්‍රියාවන් හෝ ප්‍රමාද දෝෂයන් හේතුවෙන් ඇතිවන ආරවුල් හෝ නඩු කටයුතු; සහ/හෝ
v. අදාළ නීති හෝ තුන්වන පාර්ශවයක අයිතිවාසිකම් ගනුදෙනුකරු විසින් උල්ලංඝනය කිරීම හෝ උල්ලංඝනය කරන ලද බවට කියාපෑම.
14. වගකීම් අත්හැරීම සහ සීමා කිරීම
‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ සම්බන්ධයෙන් ලබාදෙන ලද හෝ එමගින් ප්‍රවේශය ලැබිය හැකි සියලු අන්තර්ගතයන්, මෘදුකාංග, කාර්ය (function) , ද්‍රව්‍ය සහ ලබාදෙන තොරතුරු ඇතුළුව ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවා වේදිකාව’, ‘පවතින ආකාරයටම’ (as is) වේ. නීතියෙන් අවසර දී ඇති උපරිම ප්‍රමාණයට අනුව, ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හරහා පාවිච්චි කරන ලද හෝ ප්‍රවේශය ලබන ලද මෘදුකාංග මගින් ප්‍රවේශවිය හැකි සේවාවන් හෝ අන්තර්ගතයන්, ද්‍රව්‍ය, තොරතුරු, කාර්ය (function) සඳහා; උපාංග නිෂ්පාදකයින් ඇතුළුව නමුත් ඊට සීමා නොවී, එච්එන්බී සහ එහි අනුබද්ධයන් සහ අනිකුත් ආශ්‍රිතයන් සහ ඔවුන්ගේ නියෝජිතයින්, සම-සන්නාමකරුවන් හෝ අනිකුත් හවුල්කරුවන් (සාමූහිකව ‘එච්එන්බී පාර්ශවකරුවන්’ යනුවෙන් දක්වනු ඇති) විසින් කවරාකාරයක හෝ කිසිදු නියෝජනයක් හෝ වගකීමක් ලබා නොදේ. සේවාවන්, උල්ලංඝනය නොකිරීම, විකිණීමට හැකි බව හෝ නිශ්චිත අරමුණක් සඳහා සුදුසු බව සම්බන්ධයෙන්, එක් එක් එච්එන්බී පාර්ශවය විසින්, සීමාවකින් තොරව වග නොකියයි සහ කවරාකාරයක හෝ වගකීමක් ලබා නොදේ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදීකාවේ’ අන්තර්ගත කාර්යයන් (functions) බාධාවලින් තොරවන බවට හෝ දෝෂ රහිත බවට එච්එන්බී පාර්ශවයන් විසින් සහතික නොකරයි. ගෙවීම් කරන ගනුදෙනු ලැබීම් වලට, සකස් කිරීම් වලට, පිළිගැනීම් වලට, සම්පූර්ණ කිරීමට හෝ බේරුම්කිරීමට හෝ ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ වලට බලපෑමක් සිදුවිය හැකි පද්ධති අසමත්වීම් හෝ අනිකුත් බාධා වීම් ඇතුළුව නමුත් ඒවාට සීමා නොවී, සේවාවන් වලට සිදුවන සියලු බාධාවන් වලට එච්එන්බී පාර්ශවයන් විසින් වගකිව යුතු නොවේ.
අ. එම තොරතුර වර්තමාන සහ යාවත්කාලීන වුවද හෝ නොවූවද යන වග ඇතුළුව නමුත් ඊට සීමා නොවී, ඕනෑම ගෙවීම් මාධ්‍යක් සම්බන්ධයෙන් වන කිසිදු තොරතුරක නිරවද්‍යතාවයන් සඳහා එච්එන්බී පාර්ශවයන් වගකීමට නොබැඳේ. කලින් කියූ වාක්‍යයේ පොදු බවට සීමා නොවී, නිකුත් කරන්නා විසින් ස්ථාපනය කරන නිශ්චිත අවස්ථාවකදී නිකුත් කරන්නා විසින් එවැනි තොරතුරු වාර්තාගත කරන බවට සහ ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හරහා ඒවා ගනුදෙනුකරුට පෙන්නුම් කරන අවස්ථාවේදී හෝ ගනුදෙනුකරු විසින් මිළඳි ගැනීමක් හෝ නිදහස් කරගැනීමක් (redemption) සිදුකරන අවස්ථාවේදී ගනුදෙනුකරුගේ වර්තමාන ගනුදෙනු, පවතින ශේෂය හෝ වෙනත් ගිණුම් හෝ වැඩසටහන් විස්තර නිවැරදිව පිළිබිඹු නොකළ හැකි බවට ගනුදෙනුකරු ප්‍රකාශිතවම භාරගනී සහ එකඟ වේ. එවැනි ගනුදෙනු සහ/හෝ මිළඳී ගැනීමක් හෝ නිදහස් කර ගැනීමක් සිදුකරගැනීමට ගනුදෙනුකරු විසින් උත්සාහ කිරීමක් අසාර්ථක වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වන ගාස්තු සහ අනෙකුත් වියදම් ගනුදෙනුකරු විසින් දැරිය යුතුය.
ආ. එම පාඩුව හෝ අලාභය සිදුවිය හැකි බවට එච්එන්බී පාර්ශවය වෙත උපදෙස් ලබාදී තිබුනද, හිමිකම් වර්ගය හෝ නඩු නිමිත්තේ ස්වභාවය නොතකා, කිසියම් හෝ එච්එන්බී පාර්ශවයක් හෝ ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හෝ ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ මගින් මිළඳී ගන්නා ලද, ලැබෙන ලද, විකුණන ලද හෝ ගෙවන ලද කිසිදු භාණ්ඩයක්, සේවාවක් හෝ තොරතුරක් සම්බන්ධයෙන් දරනු ලබන ලාභ, කීර්ති නාමය, පාවිච්චිය, දත්ත අහිමිවීම් හෝ වෙනත් ස්පර්ශ කළ නොහැකි පාඩු සඳහා අලාභ ඇතුලත්ව නමුත් ඊට සීමා නොවී, කිසිදු වක්‍ර, ආනුශංගික, විශේෂ, දණ්ඩනීය හෝ ආදර්ශමත් පාඩුවක් හෝ අලාභයක් සඳහා කිසිදු තත්වයක් යටතේ කිසිදු එච්එන්බී පාර්ශවයක් විසින් ගනුදෙනුකරුට හෝ ඕනෑම තුන්වන පාර්ශවයක් වෙත වගකිව යුතු නොවේ සහ වගකීමට නොබැඳේ. කිසිදු අවස්ථාවකදී, කොන්දේසි හා නියමයන් මගින් හෝ ඒ සම්බන්ධයෙන් පැන නගින එච්එන්බී පාර්ශවයේ සම්පූර්ණ සමුච්චිත වගකීම, හිමිකම්පෑම සම්බන්ධයෙන් වන ගෙවීම් කිරීමේ ගනුදෙනුවේ වටිනාකම නොඉක්මවිය යුතුය.
ඇ. මෙහි සඳහන් කර ඇති වගකීම සීමා කිරීම් මත විශ්වාසය තබමින් අනෙක් පාර්ශවය මෙම කොන්දේසි හා නියමයන් වලට ඇතුලත් වී ඇති බව එක් එක් පාර්ශවය පිළිගන්නා අතර, තවද පාර්ශවකරුවන් අතර කේවල් කිරීමේදී එම සීමා කිරීම් අත්‍යවශ්‍ය පදනමක් වේ. ඊට අමතරව සහ මෙහි අන්තර්ගත කිසිවකට සීමා නොවී, රජයේ ක්‍රියාවන් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, භූමිකම්පා, ගිනි ගැනීම්, ගංවතුර හෝ අනෙකුත් ස්වභාවික ක්‍රියාවන් (acts of God), කම්කරු තත්වයන්, විදුලිය විසන්ධිවීම් සහ අන්තර්ජාලයට සිදුවන බාධාවන් ඇතුලත්ව නමුත් ඒවාට සීමා නොවී, එච්එන්බී පාර්ශවයේ සාධාරණ පාලනයෙන් තොර කිසිදු තත්වයක් මගින් පැනනගින කිසිදු අපොහොසත්වීමක් හෝ ප්‍රමාදයක් සඳහා කිසිදු එච්එන්බී පාර්ශවයක් වෙත කිසිදු වගකීමක් ඇති නොවේ.
15. විවිධ
අ. අත්හිටුවන ලද ‘SOLO ගිණුම’ නැවත ක්‍රියාත්මක කිරීමට පෙරාතුව, එච්එන්බී විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන ලේඛණ එච්එන්බී වෙත ලබාදෙන ලෙසට එච්එන්බී විසින් එහි අභිමතය පරිදි ගනුදෙනුකරුගෙන් ඉල්ලා සිටිනු ලැබිය හැකිය.
ආ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකා පද්ධතිය’ පාවිච්චි කිරීම හේතුවෙන් පැනනගින සියලු අදාළ බදු වාර්තාකිරීම සහ ගෙවීම ගනුදෙනුකරුගේ වගකිමක් වේ. ‘SOLO ඩිජිටල් ගෙවීම් වේදිකාව’ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වන සියලු අදාළ බදු නීති වලට ගනුදෙනුකරු අනුකූල විය යුතුය.
ඇ. එච්එන්බී හි තනි හා පරම අභිමතය පරිදි සහ ගනුදෙනුකරු වෙත කිසිදු වගකීමක් නොමැතිව, ගනුදෙනුකරු වෙත නොතීසි ලබාදීම මගින්, ඕනෑම අවස්ථාවකදී මෙම කොන්දේසි හා නියමයන් වල ඕනෑම කොටසක් වෙනස් කිරීමට, නවීකරණය කිරීමට හෝ සංශෝධනය කිරීමට ඇති අයිතිය එච්එන්බී රඳවා තබාගනී.
ඈ. එච්එන්බී හි තනි හා පරම අභිමතය පරිදි සහ ගනුදෙනුකරු වෙත කිසිදු වගකීමක් නොමැතිව, ගනුදෙනුකරු වෙත නොතීසි ලබාදීම මගින්, ඕනෑම අවස්ථාවකදී ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ වෙනස් කිරීමට හෝ නවීකරණය කිරීමට ඇති අයිතිය එච්එන්බී රඳවා තබාගනී.
ඉ. එච්එන්බී හි පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව, නීතිය ක්‍රියාත්මක වීම මගින් හෝ අන්‍යාකාරයෙන්, මෙම කොන්දේසි හා නියමයන් යටතේ වන කිසිදු අයිතිවාසිකමක් හෝ වගකීමක් ගනුදෙනුකරු විසින් නොපැවරිය යුතු වන අතර, එසේ පැවරීම සඳහා කිසියම් හෝ උත්සාහයක් දැරුවහොත් එය බලරහිත විය යුතුය. කිසිදු දැනුම්දීමක් හෝ කැමැත්ත ලබාගැනීමකින් තොරව, මෙම කොන්දේසි හා නියමයන් සහ මේ යටතේ වන අයිතිවාසිකම් සහ වගකීම් ඕනෑම තුන්වන පාර්ශවයක් වෙත නිදහසේ පැවරීමට ඇති අයිතිය එච්එන්බී රඳවා තබාගනී. මෙහි අන්තර්ගත දැයට යටත්ව, මෙම කොන්දේසි හා නියමයන් මෙහි පාර්ශවකරුවන් සහ ඔවුන්ගේ අනුප්‍රාප්තිකයින් සහ අවසරලත් පැවරුම්ලාභීන් වෙත බන්ධනීය වන අතර, තවද ඔවුන්ගේ ප්‍රතිලාභයට හේතුවිය යුතුය.
ඊ. එච්එන්බී විසින් ගනුදෙනුකරු වෙත ‘SOLO ඩිජිටල් ගෙවීම් සේවාවන්’ සැපයීම සහ මෙම කොන්දේසි හා නියමයන් ශ්‍රී ලංකාවේ නීතිය මගින් පාලනය විය යුතු වන අතර, තවද ඒවා ශ්‍රී ලංකාවේ අධිකරණ වල අධිකරණ බලයට යටත්විය යුතුය.
ගනුදෙනුකරුගේ ගිණුම්වලට, ගනුදෙනුවලට සහ කටයුතු වලට ඇති අදාළත්වය
1. අදාළත්වය
මෙම පොදු කොන්දේසි හා නියමයන් (මෙහි මින්මතුවට ‘කොන්දේසි හා නියමයන්’ යනුවෙන් දක්වනු ඇති අතර, එකී පදයට හෝ ප්‍රකාශයට, පිළිගන්නා හෝ අවශ්‍ය වන අවස්ථාවන් හිදී, ශ්‍රී ලංකා රුපියල් වලින් නියම කරන ලද හෝ අන්‍යාකාරයෙන් වන මෙහි අන්තර්ගත ‘චැනල් බැංකු සේවාවන්’ සහ ඉතිරිකිරීමේ ගිණුම් සඳහා වන කොන්දේසි, නියමයන් සහ රීති ඇතුලත් විය යුතුය), හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී (එච්එන්බී) (ලියාපදිංචි අංක. පීකියු 82) (තවද, ‘එච්එන්බී’ හෝ ‘බැංකුව’ යනුවෙන්ද දක්වනු ඇති) සහ එහි අනුප්‍රාප්තිකයින් සහ පැවරුම්ලාභීන් සහ එහි ඕනෑම ශාඛාවක් සමග ඇති ගනුදෙනුකරුගේ ගිණුම්, ගනුදෙනු සහ කටයුතු වලට අදාළ වේ.
මෙම කොන්දේසි හා නියමයන් පුද්ගලයින්ට, හවුල් ව්‍යාපාර වලට, සංස්ථාගත කළ සහ සංස්ථාගත නොකළ ආයතනයන් ඇතුලත්ව නමුත් ඊට සීමා නොවී, සියලුම ගනුදෙනුකරුවන් සඳහා ‘අවශ්‍ය වෙනස් කිරීම් සහිතව’ (mutatis mutandis) (විස්තරවල අවශ්‍ය වෙනස්කම් සහිතව) අදාළ විය යුතුය.
මෙම කොන්දේසි හා නියමයන් වෙනස්කිරීමට, සංශෝධනය කිරීමට හෝ ඒවාට එකතු කිරීම් සිදුකිරීමට ඇති අයිතිය බැංකුව විසින් රඳවා තබාගන්නා අතර, එම වෙනස්කිරීම්, සංශෝධනයන් හෝ එකතුකිරීම් සියලුම ගනුදෙනුකරුවන් වෙත බන්ධනීය වන බවට උපකල්පනය කළ යුතුය.
මෙම කොන්දේසි හා නියමයන් වලට කරනු ලබන සෑම සංශෝධනයක්ම එච්එන්බී හි වෙබ් අඩවියේ දැක්විය යුතුය.
2. බැංකු ගිණුම
ගනුදෙනුකරු විසින් ඊට පටහැනිව ලිඛිත දැන්වීමක් බැංකුව වෙත ලබාදෙන තුරු, පහත සඳහන් දෑ සඳහා, ගිණුම විවෘත කිරිමේ අයදුම්පත් පෝරමයේ ලබාදී ඇති මෙහෙයුම් උපදෙස් (මෙහි මින්මතුවට ‘මැන්ඩේට් පත්‍රය’ යනුවෙන් දක්වනු ඇති) වලට අනුව ලියන ලද හෝ පිළිගන්නා ලද සහ අත්සන් කරන ලද උපදෙස් හෝ ලේඛණය මත කටයුතු කිරීමට බැංකුවට බලය ඇති බවට මෙමගින් එකඟ වේ:
i. ස්ථාවර නියෝග, සෘජු හර කිරීම්, අණකර නිකුත් කිරීම්, තැපැල් හුවමාරු සහ ටෙලිග්‍රැෆික් හුවමාරු සිදුකිරීම සඳහා සහ සුරැකුම්පත් සහ විදේශ මුදල් මිලදී ගැනීම සහ විකිණීම සඳහා සහ අන්‍යාකාරයෙන් එම ගිණුම හර කිරීමට ලබාදෙන වෙනත් ඕනෑම උපදෙසක් ක්‍රියාත්මක කිරීමට; සහ
ii. එවැනි ගිණුමක් වසා දැමීම සඳහා වන උපදෙස් ඇතුළුව, එවැනි ගිණුමක් සම්බන්ධයෙන් වන වෙනත් ඕනෑම උපදෙසක් පිළිගැනීමට.
3. තැන්පත් කිරීම් සහ මුදල් ලබාගැනීම්
ගනුදෙනුකරු විසින් ඊට පටහැනිව ලිඛිත දැන්වීමක් බැංකුව වෙත ලබාදෙන තුරු, පහත සඳහන් දෑ සඳහා, ගිණුම විවෘත කිරිමේ අයදුම්පත් පෝරමයේ ලබාදී ඇති මෙහෙයුම් උපදෙස් (මෙහි මින්මතුවට ‘මැන්ඩේට් පත්‍රය’ යනුවෙන් දක්වනු ඇති) වලට අනුව ලියන ලද හෝ පිළිගන්නා ලද සහ අත්සන් කරන ලද උපදෙස් හෝ ලේඛණය මත කටයුතු කිරීමට බැංකුවට බලය ඇති බවට මෙමගින් එකඟ වේ:
i. ස්ථාවර නියෝග, සෘජු හර කිරීම්, අණකර නිකුත් කිරීම්, තැපැල් හුවමාරු සහ ටෙලිග්‍රැෆික් හුවමාරු සිදුකිරීම සඳහා සහ සුරැකුම්පත් සහ විදේශ මුදල් මිලදී ගැනීම සහ විකිණීම සඳහා සහ අන්‍යාකාරයෙන් එම ගිණුම හර කිරීමට ලබාදෙන වෙනත් ඕනෑම උපදෙසක් ක්‍රියාත්මක කිරීමට; සහ
ii. එවැනි ගිණුමක් වසා දැමීම සඳහා වන උපදෙස් ඇතුළුව, එවැනි ගිණුමක් සම්බන්ධයෙන් වන වෙනත් ඕනෑම උපදෙසක් පිළිගැනීමට.
4. ගිණුම් පවත්වාගෙන යාම
ගනුදෙනුකරු වෙත ලැබෙන කාලානුරූප ශේෂ ප්‍රකාශයක නිවැරදි බව හෝ අසම්පූර්ණ බව සම්බන්ධයෙන් ගනුදෙනුකරුවෙකුට කිසියම් විරෝධතාවක් ඇත්නම් ඒ බව වහාම දැන්විය යුතු වන අතර, කෙසේවෙතත්, එම ප්‍රකාශය ලැබුනු වහාම ඒ බව බැංකුව වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතුය. ඉහත නිශ්චිතව සඳහන් කරන ලද කාලපරිච්ඡේදය අතරතුරදී කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොකළහොත්, එවිට කාලානුරූප ප්‍රකාශය නිවැරදි බවට සහ බන්ධනීය බවට සලකනු ලැබිය යුතුය.
5. ඉතුරුම් ගිණුමක්/ගිණුම් සඳහා වන කොන්දේසි සහ නියමයන්
i. බැංකුවේ ඕනෑම ශාඛාවක තැන්පතු සිදුකළ හැකිය. මෙම කොන්දේසි සහ නියමයන්වල 3 වන වගන්තියේ ප්‍රතිපාදනවලට යටත්ව, බැංකුවේ එවැනි ඕනෑම ශාඛාවකදී මුදල් ආපසු ගැනීම ද සිදු කළ හැකිය.
ii. අවශ්‍ය කරන අවම ශේෂයට වඩා අඩු මුදලක් පවත්වාගෙන යන සහ මාස 24කට වැඩි කාල පරිච්ඡේදයක් පුරාවට අක්‍රීයව පවතින ගිණුමක් බැංකුව විසින් වසා දමනු ලැබිය හැකිය.
iii. චෙක්පතක/චෙක්පත්වල, අණකරයක/අණකරවල මුදල් බැංකුවේ තනි අභිමතය පරිදි පමණක් ඉතිරිකිරීමේ ගිණුම්වලට බැර කිරීමට භාරගනු ලැබිය හැකිය.
iv. දිනපතා ශේෂය මත පොළිය ගණනය කර ඒවා මාසිකව බැර කරනු ඇති අතර, කෙසේවෙතත් එසේ ගණනය කරන සෑම දිනකම අවශ්‍ය කරන අවම ශේෂය ගිණුමේ තිබිය යුතුය.
v. ඉතුරුම් ගිණුම් හිමියෙකුට පාස් පොතක් නිකුත් කරනු ඇති අතර, එහි ආරක්ෂාව ගිණුම් හිමියා සතුය. පාස් පොත සොරකම් කළහොත් හෝ අස්ථානගත වී ඇත්නම් ඒ බව නොපමාව බැංකුව වෙත ලිඛිතව දැනුම් දිය යුතුය. ගනුදෙනුකරුවෙකුට පාස්පොතක් වෙනුවට ගනුදෙනු සඳහා විද්‍යුත් ප්‍රකාශනයක් ඉල්ලා සිටීමේ විකල්පයක් තිබේ.
vi. පාස්පොත කවුන්ටරයට ඉදිරිපත් කළහොත්, අදාළ අවස්ථාවන්හිදී, තැන්පත් කරන ලද හෝ ආපසු ගන්නා ලද ඕනෑම මුදලක් බැංකුව විසින් පාස්පොතේ සටහන් කරනු ඇත. ගිණුම් හිමියෙකු බැංකුවෙන් පිටවීමට පෙර ඔහුගේ පාස්පොතේ සටහන් සැලකිල්ලෙන් පරීක්ෂා කර බලා එහි සටහන් නිවැරදි බවට සෑහීමකට පත්විය යුතුය. කිසියම් විෂමතාවයක් ඇත්නම් ඒ බව වහාම බැංකුව වෙත දැනුම්දිය යුතුය.
vii. සියලුම ගනුදෙනු සටහන් කර ගැනීම සඳහා පාස් පොත අවම වශයෙන් සෑම මාස හයකට වරක් ඉදිරිපත් කළ යුතුය. පාස් පොත ඉදිරිපත් කළ දින සිට වසර තුන (03) කට පෙර සිදු කරන ලද ගනුදෙනු, පාස් පොතේ සටහන් කිරීම සඳහා නොපවතිනු ඇත. ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන් සඳහා වන කාලපරිච්ඡේදය ඉක්මවා, බැංකුව විසින් ගනුදෙනු පිළිබඳ වාර්තා රඳවා තබා නොගනු ඇත.
viii. මෙම වගන්තියේ (vii) ඡේදයට යටත්ව, පාස් පොතේ සටහන් කර නොමැති ගනුදෙනු පිළිබඳ ප්‍රකාශනය, බැංකුවේ අභිමතය පරිදි, සාමාන්‍ය තැපෑලෙන් තැපැල් කිරීම සඳහා ඇති අයිතිය බැංකුව විසින් රඳවා තබාගනී.
ix. ගිණුම් හිමියා විසින් ස්වයංක්‍රීය යන්ත්‍රයකින් (මෙහි මින්මතුවට ‘ATM’ ලෙස හඳුන්වනු ඇති) හෝ පාස් පොත සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද මුදල් ආපසු ගැනීමේ පෝරමය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බැංකු කවුන්ටරයෙන් මුදල් ආපසු ගැනීම සිදු කළ හැකිය. කවුන්ටරයෙන් මුදල් ආපසු ගැනීමක් සිදු කරන විටදී, ඉතුරුම් ගිණුම් හිමියෙකු විසින් ඔහුගේ පාස් පොත සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද මුදල් ආපසු ගැනීමේ පෝරමය සමග ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
x. ATM යන්ත්‍රයක් හරහා සිදුකරන ඕනෑම ගනුදෙනුවක්, එම යන්ත්‍රය භාවිතා කිරීම සඳහා වන කොන්දේසි සහ නියමයන් වලට යටත් වේ.
6.මාර්ගගත (channel) බැංකුකරණය සඳහා කොන්දේසි සහ නියමයන්
(අ) අන්තර්ජාල බැංකුකරණය
i. ‘අන්තර්ජාල බැංකුකරණ’ පහසුකම භාවිතා කිරීම සඳහා අවශ්‍ය මුරපදය (password) / පරිශීලක හැඳුනුම්පත (User ID) දැඩි ලෙස රහස්‍ය වන අතර, කිසිදු තත්වයක් යටතේ කිසිදු අවස්ථාවකදී එය කිසිදු පුද්ගලයෙකුට අනාවරණය නොකළ යුතුය.
ii. ගනුදෙනුකරුගේ මුරපදය / පරිශීලක හැඳුනුම්පත අනවසර පාර්ශවයක් අතට පත්වී ඇති විට, ගනුදෙනුකරු විසින් ඒ බව බැංකුව වෙත වහාම දැනුම්දිය යුතුය.
iii. ‘අන්තර්ජාල බැංකුකරණය’ පාවිච්චි කිරීම මගින් සිදුකරන ලද සියලු ගනුදෙනු පිළිබඳ බැංකුවේ ඇති වාර්තා සහ ප්‍රකාශන, එම ගනුදෙනු පිළිබඳව ප්‍රමාණවත් සහ අවසානාත්මක ඔප්පු කිරීමක් ලෙසට සැළකිය යුතු වන අතර, සියලු අරමුණු සඳහා ඒවා පරිශීලකයෙකු මත බන්ධනීය වේ.
iv. ‘අන්තර්ජාල බැංකුකරණය’ භාවිතා කරමින් පරිශීලකයෙකු විසින් ලබාදෙන ලද ඕනෑම උපදෙසක් වෙනස් කිරීමට, සකස් නොකිරීමට සහ/හෝ සකස් කිරීම ප්‍රමාද කිරීමට ඇති අයිතිය බැංකුව විසින් රඳවා තබා ගනී.
v. කිසියම් හෝ සැකයක් මඟහැරීම සඳහා, ‘අන්තර්ජාල බැංකුකරණ’ පහසුකම පාවිච්චි කරන්නෙකු විසින්, ඉතිරිකිරීමේ ගිණුමක් සහ එවැනි වෙනත් අදාළ ගිණුමක් පාලනය වන කොන්දේසි සහ නියමයන් මගින් බැඳී සිටිනු ඇති බවට මෙමගින් ස්ථිර කරයි.
vi. ‘අන්තර්ජාල බැංකුකරණ’ පහසුකම භාවිතා කිරීම කලින් කලට පරීක්ෂාවට ලක් කිරීමට යටත්වන අතර, බැංකුවේ පරම අභිමතය පරිදි බැංකුව විසින් එම පහසුකම ඉවත් කර ගත හැකිය.
vii. මෘදුකාංග සහ ලේඛණ සඳහා බලපත්‍රය - ඉලෙක්ට්‍රොනික බැංකු සේවාවන් (එයට අන්තර්ජාල බැංකුකරණය ඇතුළත් වන නමුත් ඊට සීමා නොවේ) ලබා දීමේදී, බැංකුවේ ඉලෙක්ට්‍රොනික බැංකු සේවාවන් වලට ප්‍රවේශය ලබාගැනීම සදහා ගනුදෙනුකරු විසින් තෝරාගන්නා ලද පරිගණක උපකරණය මත ඉලෙක්ට්‍රොනික බැංකුකරණය (‘ඉලෙක්ට්‍රොනික බැංකුකරණ ද්‍රව්‍ය’) සම්බන්ධයෙන් බැංකුව විසින් ගනුදෙනුකරු වෙත ලබාදෙන ලද ඉලෙක්ට්‍රොනික බැංකුකරණ මෘදුකාංගය සහ ලේඛණ සහ ඒවායේ ඕනෑම සංස්කරණයක් පාවිච්චි කිරීම සඳහා බැංකුව විසින් ගනුදෙනුකරු වෙත අනන්‍ය නොවන බලපත්‍රයක් ලබාදෙනු ඇත. එම උපකරණ සහ අදාළ සම්ප්‍රේෂණ සබැඳිය (link) සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය. ගනුදෙනුකරු විසින් ඉලෙක්ට්‍රොනික බැංකුකරණ ද්‍රව්‍ය සියලු අවස්ථාවන්හිදී දැඩි රහස්‍ය භාවයෙන් යුතුව තබාගත යුතු වන අතර, තවද බැංකුවේ පූර්ව ලිඛිත කැමැත්ත නොමැතිව, එම ද්‍රව්‍ය පිටපත් කිරීම (ආරක්ෂිත අරමුණු සඳහා ඉලෙක්ට්‍රොනික බැංකුකරණ මෘදුකාංගය හැර) හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට ඒවාට ප්‍රවේශ වීමට අවසර ලබාදීම සිදු නොකළ යුතුය. ඉලෙක්ට්‍රොනික බැංකුකරණ ද්‍රව්‍ය සහ ඒවායේ සියලු පිටපත් සහ ඒවායේ සියලු බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සියලු අවස්ථාවන්හිදී බැංකුවේ අනන්‍ය දේපළ ලෙසට පැවතිය යුතුය.
viii. කිසියම් හෝ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, අන්තර්ජාල බැංකුකරණය හරහා සිදුකරන ගනුදෙනුවක් අවසන් වූ වහාම ගිණුමේ ශේෂය මාර්ගගතව නොතිබීම සඳහා බැංකුව විසින් කවරාකාරයක හෝ කිසිදු වගකීමක් භාර නොගනු ඇත.
(ආ) ජංගම බැංකුකරණය
i. ‘ජංගම දුරකථන බැංකුකරණ’ පහසුකම භාවිතා කිරීම සඳහා අවශ්‍ය මුරපදය (password) / පරිශීලක හැඳුනුම්පත (User ID) දැඩි ලෙස රහස්‍ය වන අතර, කිසිදු තත්වයක් යටතේ කිසිදු අවස්ථාවකදී එය කිසිදු පුද්ගලයෙකුට අනාවරණය නොකළ යුතුය.
ii. ගනුදෙනුකරුගේ මුරපදය / පරිශීලක හැඳුනුම්පත අනවසර පාර්ශවයක් අතට පත්වී ඇති විට, ගනුදෙනුකරු විසින් ඒ බව බැංකුව වෙත වහාම දැනුම්දිය යුතුය.
iii. ‘ජංගම දුරකථන බැංකුකරණය’ පාවිච්චි කිරීම මගින් සිදුකරන ලද සියලු ගනුදෙනු පිළිබඳ බැංකුවේ ඇති වාර්තා සහ ප්‍රකාශන, එම ගනුදෙනු පිළිබඳව ප්‍රමාණවත් සහ අවසානාත්මක ඔප්පු කිරීමක් ලෙසට සැළකිය යුතු වන අතර, සියලු අරමුණු සඳහා ඒවා පරිශීලකයෙකු මත බන්ධනීය වේ.
iv. ‘ජංගම දුරකථන බැංකුකරණය’ භාවිතා කරමින් පරිශීලකයෙකු විසින් ලබාදෙන ලද ඕනෑම උපදෙසක් වෙනස් කිරීමට, සකස් නොකිරීමට සහ/හෝ සකස් කිරීම ප්‍රමාද කිරීමට ඇති අයිතිය බැංකුව විසින් රඳවා තබා ගනී.
v. ‘ජංගම දුරකථන බැංකුකරණ’ පහසුකම භාවිතා කිරීම කලින් කලට පරීක්ෂාවට ලක් කිරීමට යටත්වන අතර, බැංකුවේ පරම අභිමතය පරිදි බැංකුව විසින් එම පහසුකම ඉවත් කර ගත හැකිය.
vi. තාක්ෂණික දෝෂ හේතුවෙන්, කෙටි පණිවිඩයක් (SMS) නොලැබීම සඳහා බැංකුව විසින් කවරාකාරයක හෝ කිසිදු වගකීමක් භාර නොගනු ඇත. ජංගම දුරකථන බැංකුකරණයේ යෙදීම සඳහා පාවිච්චි කරන ලද උපකරණය සහ අදාළ සම්ප්‍රේෂණ සබැඳිය තෝරා ගැනීම සඳහා සහ ඒවා නඩත්තු කිරීම සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය.
vii. ගනුදෙනුවක් සකස් කිරීම සඳහා විනිමය අනුපාත මාරු කිරීම් යොදාගන්නා විට, කෙටි පණිවිඩ දැනුම්දීම් (SMS Alerts) හරහා දක්වනු ඇත්තේ ‘ආසන්නතම වටිනාකම’ පමණි.
viii. බැංකුව විසින් අන්‍යාකාරයෙන් තීරණය කරනු ලැබුවහොත් මිස, එක් අධ්‍යක්ෂවරයකුට වඩා වැඩි ගණනක් සිටින ආයතනික ගනුදෙනුකරුවන් ඇතුළුව ව්‍යාපාර ආයතන සඳහා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම ලබා නොදෙනු ඇත.
(ඇ) ATM බැංකුකරණය
ගනුදෙනුකරු විසින්:-
i. සියලු අවස්ථාවන්හිදී කාඩ්පත (සැකයන් මගහැරීම සඳහා, මෙහි පාවිච්චි කරනු ලබන ‘කාඩ්පත’ යන වචනයට හරපතක් ඇතුළත වන නමුත් ‘ණයපතක්’ ඇතුලත් නොවිය යුතුය) බැංකුවේ දේපළක් වශයෙන් පැවතිය යුතු වන අතර, බැංකුව විසින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවකදී කොන්දේසි විරහිතව සහ රඳවා තබාගැනීම් නොමැතිව එය භාරදිය යුතුය.
ii. මුදල් ලබා ගැනීම හෝ මාරු කිරීම (transfer) ආවරණය කිරීම සඳහා ප්‍රමාණවත් අරමුදල් ගිණුමේ නොමැතිනම්, කිසිදු අවස්ථාවකදී කාඩ්පත පාවිච්චි කිරීම හෝ පාවිච්චි කිරීමට උත්සාහ කිරීම නොකළ යුතුය.
iii. කාඩ්පත මාරු කළ නොහැකි බැවින්, එය අනන්‍ය වශයෙන් භාවිතා කරන්න.
iv. බැංකුව විසින් හෝ බැංකුව වෙනුවෙන් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු විසින් එය අවලංගු කළ බවට හෝ ඉල්ලා අස්කරගත් බවට ගනුදෙනුකරු වෙත දැනුම්දීමක් සිදුකිරීමෙන් අනතුරුව, කාඩ්පත භාවිතා කිරීම හෝ භාවිතා කිරීමට උත්සාහ දැරීම සිදු නොකළ යුතුය.
v. කිසිදු තත්වයක් යටතේදී සහ කිසිදු අවස්ථාවකදී, බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලදී කාඩ්පත පාවිච්චි කිරීමට පහසුකම් සැලසීම සඳහා, ගනුදෙනුකරු වෙත ලබාදෙන ලද පෞද්ගලික හඳුනාගැනීමේ අංකය (PIN) වෙනත් කිසිදු පුද්ගලයෙකුට අනාවරණය කිරීම සිදු නොකළ යුතුය.
vi. කාඩ්පත නැතිවුවහොත් හෝ සොරකම් කළහොත් ඒ බව බැංකුව වෙත වහාම දැනුම්දිය යුතු වන අතර, තවද බැංකුව විසින් නියම කරනු ලබන පරිදි කාඩ්පත නැවත ලබාදීමේ ගාස්තුව දැරිය යුතුය.
vii. කාඩ්පත නැතිවීම හෝ සොරකම් කිරීම හෝ PIN අංකය අනවසරයෙන් අත්පත්කරගැනීම පිළිබඳව නොතීසි බැංකුව වෙත ලැබී ඇති බව බැංකුව විසින් ගනුදෙනුකරුට ස්ථිර කිරීමෙන් අනතුරුව සිදු කරන ලද ගනුදෙනුවලට හැරෙන්නට, කාඩ්පත පාවිච්චි කිරීම මගින් සිදුකරන ලද සියලු ගනුදෙනු සඳහා සම්පූර්ණ වගකීම ගනුදෙනුකරු විසින් භාරගත යුතුය.
viii. ඉහත (vii) ඡේදයට යටත්ව, මුදල් ආපසු ගැනීම් සහ/හෝ පැවරීම් සම්බන්ධයෙන් වන බැංකුවේ වාර්තා, සියලු අරමුණු සඳහා, අවසානාත්මක සහ බන්ධනීය වන බවට ගනුදෙනුකරු පිළිගන්නා අතර, තවද ඔහුගේ දැනීම හෝ බලය සහිතව හෝ රහිතව සිදුකරන ලද සියලු මුදල් ලබාගැනීම් හෝ පැවරීම් වල මුදල් ප්‍රමාණය ඔහුගේ ගිණුමට හර කිරීමට බැංකුව වෙත බලය ලබාදේ.
ix. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර තිරයේ හෝ මුද්‍රිත විමසුම් පත්‍රිකාවක හෝ උපදෙස් පත්‍රිකාවක සඳහන් වන මුදල් ප්‍රමාණය, කවරාකාරයක හෝ කිසිදු අරමුණක් සඳහා, බැංකුව සමග ඇති ගනුදෙනුකරුගේ ගිණුමේ තත්වය පෙන්නුම් කිරීම සදහා අවසානාත්මක නොවන බවට ගනුදෙනුකරු භාරගනී.
x. කාඩ්පතේ හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ සිදුවන ඕනෑම අක්‍රීයතාවයක් හෝ ඇණහිටීමක් හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ අරමුදල් ප්‍රමාණවත් නොවීම මගින් හෝ සම්බන්ධයෙන් සිදුවන කවරාකාරයක හෝ කිසිදු තත්වයක් සඳහා වගකීමට හෝ වගකිවයුතු බවට ගනුදෙනුකරු විසින් කවරාකාරයක හෝ කිසිදු ආකාරයකින් බැංකුව වගකීමට යටත් නොකළ යුතුය.
xi. ඉහත (x) ඡේදයේ අන්තර්ගත විධිවිධානවල පොදු බව නොතකා සහ ඊට අගති රහිතව, ගනුදෙනුකරුගේ අවදානමින් කාඩ්පත පාවිච්චි කරන බවට ගනුදෙනුකරු එකඟ වේ සහ කාඩ්පත පාවිච්චි කිරීමට ආනුශංගික හෝ එමගින් පැනනගින සියලු අවදානම් වල වගකීම ගනුදෙනුකරු විසින් දැරිය යුතුය.
xii. කවරාකාරයක හෝ කිසිදු හේතුවක් මත කාඩ්පත මගින් කරනු ලබන ගනුදෙනු සදහා බැංකුව ඉදිරි කටයුතු නොකිරීම වෙනුවෙන් බැංකුව වගනොකියන බවට ගනුදෙනුකරු එකඟ වේ.
xiii. කාඩ්පත තවදුරටත් අවශ්‍ය නොවීම හෝ කවරාකාරයක හෝ හේතුවක් මත බැංකුව සමග ඇති ගිණුම වසා දැමීමට අවශ්‍ය නම්, එවිට ගනුදෙනුකරු විසින් කාඩ්පත අවලංගු කිරීම සඳහා බැංකුව වෙත ආපසු භාරදිය යුතුය.
xiv. ගනුදෙනුකරු වෙත නොතීසි නොමැතිව, කාඩ්පත අවලංගු කිරීම හෝ කාඩ්පත අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් ඕනෑම අවස්ථාවකදී පහසුකම සමප්ත කිරීමට බැංකුවට නිදහස ඇති බවට ගනුදෙනුකරු එකඟ වේ.
xv. ශ්‍රී ලංකා රුපියල් හැර වෙනත් මුදල් ඒකකයක් මගින් සිදු කෙරෙන සෑම කාඩ්පත් ගනුදෙනුවක්ම, පරිවර්තනය සිදුකරන දිනයේදී ‘වීසා ඉන්ටර්නැෂනල්’ විසින් යොදාගන්නා විනිමය අනුපාතය මත සහ බැංකුව විසින් අයකරනු ලබන අතිරේක අනුපාතයක් මගින් ඉහළ දමන පරිදි විනිමය අනුපාතිකයකට අනුව ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමෙන් අනතුරුව සහ බැංකුව සමග හුවමාරු කරගනු ඇති පරිදි, අදාළ වේ නම්, ‘වීසා ඉන්ටර්නැෂනල්’ විසින් බැංකුවෙන් අයකරගනු ඇති ඕනෑම ගනුදෙනුකිරීමේ ගාස්තුවක් සමග ගනුදෙනුකරුගේ ගිණුමට හර කරනු ඇති බවට ගනුදෙනුකරු එකඟ වේ.
xvi. විදේශ රටවල දේපළ හෝ මුල්‍ය වත්කම් මිළඳී ගැනීම් සඳහා ගෙවීම් කිරීම වෙනුවෙන් ගනුදෙනුකරු විසින් මෙම කාඩ්පත භාවිතා නොකළ යුතුය.
7. වෙනත් කොන්දේසි සහ නියමයන්
(i) බැංකු සේවා පිරිවැය
(අ) පොලී සහ ගාස්තු
කලින් කලට බැංකුව සමග ලිඛිතව එකඟ වන ලද පරිදි හෝ එවැනි ලිඛිත ගිවිසුමක් නොමැති අවස්ථාවකදී, බැංකුව විසින් තීරණය කරන පරිදි, එවැනි අනුපාතයට (අනුපාතයන්ට) අනුව සහ එවැනි පදනමක් මත සහ එවැනි කාලවලදී, බැංකුව වෙත අයවිය යුතු මුදල් මත පොළිය සහ බැංකුව විසින් ලබාදෙන ලද සේවාවන් මත ගාස්තු ගනුදෙනුකරු විසින් ගෙවිය යුතුය.
(ආ) පොළී සහ ගාස්තු වල වෙනස්වීම්
වෙනස්විය හැකි පොළී අනුපාත පහසුකමකදී, අදාළ ගිවිසුමේ කොන්දේසි වලට අනුව පොළී අනුපාතය සකස් කරනු ඇත. අන්‍යාකාරයෙන් ලිඛිතව එකඟ වී ඇත්නම් මිස, බැංකුවේ සාධාරණ අභිමතය පරිදි බැංකුව විසින් සේවාවන් සඳහා ගාස්තු වෙනස්කරනු ලැබිය හැකිය.
(ඇ) පිරිවැය සහ වියදම්
ඉල්ලීමක් කළ වහාම ගනුදෙනුකරු බැංකුවට මුදල් ගෙවිය යුතුය හෝ ආපසු ගෙවිය යුතුය. තවද, ගනුදෙනුකරුට කලින් දැනුම් දුන්නත් නැතත්, බැංකුව විසින් සාමාන්‍යයෙන් අය කරනු ලබන සියලුම කොමිස් මුදල් සහ අනෙකුත් ගාස්තු සහ මෙම සාමාන්‍ය කොන්දේසි යටතේ බැංකුව විසින් දරනු ලබන අනෙකුත් සියලුම වියදම්, ගාස්තු සහ සාක්කුවෙන් සහ අනෙකුත් වියදම්, විශේෂ කොන්දේසි හෝ නීතිමය වියදම් ඇතුළුව බැංකුව සහ ගනුදෙනුකරු අතර වෙනත් ගිවිසුමක් සඳහා බැංකුවට අයිතියක් ඇත.
(ඈ) බදු සහ අනෙකුත් බදු
බැංකුව විසින් ගනුදෙනුකරු සමග කරනු ලබන ගනුදෙනු මත, අදාළ නම්, ගෙවිය යුතු වන සියලු පිරිවැටුම් බදු, ජාතික ආරක්ෂක බදු, භාණ්ඩ හා සේවා බදු හෝ ඊට සමාන පිරිවැටුම මත පදනම් වූ වෙනත් බදු, මුද්දර ගාස්තු හෝ අනෙකුත් ගාස්තු ද ගනුදෙනුකරු විසින් බැංකුව වෙත ප්‍රතිපූරණය කිරීමට වගකීමට බැඳේ.
8. ඩිජිටල් ‘මුදල් පසුම්බි’ (Wallet) වෙනුවෙන් ගිණුම් ආරම්භ කිරීම සඳහා අදාළ වේ.
1. ගිණුමක් ඉල්ලා සිටීමට / විවෘත කිරීමට සුදුසුකම් ලබන්නේ දේශීය ජංගම දුරකථන අංකයක් හිමි අයකු පමණි.
2. ගිණුම විවෘත කිරීමේ ඉල්ලීම සඳහා ගනුදෙනුකරු විසින් අනන්‍ය යොමු අංකයක් / ජංගම දුරකථන අංකයක් ලබාදිය යුතුය.
3. එක් ගනුදෙනුකරුවකුට එක් ‘මුදල් පසුම්බි’ (Wallet) ගිණුමක් සඳහා පමණක් ඉඩ ලබාදෙනු ලැබේ.
4. ගිණුම විවෘත කිරීමට සහ එය ‘මුදල් පසුම්බිය’ ට සම්බන්ධ කිරීමට (මෙහි මින්මතුවට ‘SOLO’ යනුවෙන් දක්වනු ඇති) ගනුදෙනුකරු විසින් බැංකුව වෙත කැමැත්ත ලබාදේ.
5. ‘ගනුදෙනුකරුවා දැනගැනීම’ (KYC) පිළිබඳව භෞතිකව තත්වය ස්ථිර කර නොමැති විට, යම්කිසි අවස්ථාවකදී ඩිජිටල් මාධ්‍යයෙන් යොමු අංක / ජංගම දුරකථන අංක ගණනාවක් පාවිච්චි කරමින් ඔහු / ඇය වෙනුවෙන් ගිණුම් කිහිපයක් විවෘත කිරීමට පුද්ගලයකුට ඉඩ ලබා නොදෙනු ඇත.
6. ‘ගනුදෙනුකරුවා දැනගැනීම’ (KYC) සම්බන්ධයෙන් ගනුදෙනුකරුවා විසින් වාචිකව සපයන තොරතුරු වලින් ගනුදෙනුකරුවා බැඳී සිටින අතර, තවද ‘SOLO යෙදුම’ හරහා ලබාදෙන එවැනි තොරතුරු වල සත්‍යතාවය එම මට්ටමේම පවතිනු ඇත.
7. SOLO සමග සම්බන්ධවන ජංගම දුරකථන අංකයේ හඳුනාගැනීමේ තොරතුරු ස්ථිර කර ගැනීම සඳහා ගනුදෙනුකරු විසින් බැංකුව වෙත කැමැත්ත ලබාදේ.
8. ඉදිරිපත් කරන ලද තොරතුරු ස්ථිර කර ගැනීමට නොහැකි අවස්ථාවන් වලදී එම තොරතුරු ප්‍රතික්ෂේප කිරීම සඳහා ඇති අයිතිය බැංකුව විසින් රඳවා තබා ගනී.
9. ඇමතුම් මධ්‍යස්ථානයේ (contact center) කාර්ය මණ්ඩලය විසින් අසනු ලබන ස්ථිර කරගැනීමේ ප්‍රශ්න සඳහා ලබාදෙන වාචික පිළිතුරු වාර්තාගත කරනු ඇති අතර, තවද ඒවා බැංකු සන්තකයේ පවතින ඔප්පු කිරීමේ සාධකයක් වශයෙන් සලකනු ඇත.
10. ගිණුම විවෘත කිරීම සඳහා අදාළ නිශ්කාෂණයන් ලබාගැනීම වෙනුවෙන් CRIB වාර්තාව ලබාගැනීමට ගනුදෙනුකරු විසින් බැංකුව වෙත කැමැත්ත ලබාදේ.
11. පුද්ගලයකුගේ ‘ගනුදෙනුකරුවා දැනගැනීම’ (KYC) පිළිබඳව භෞතිකව ස්ථිර කර ගැනීම් සිදුකළ නොහැකි නම් ගිණුමේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට ඇති අයිතිය බැංකුව විසින් රඳවා තබාගනී.
12. SOLO හරහා ‘ගනුදෙනුකරුවා දැනගැනීම’ (KYC) පිළිබඳ තොරතුරු ඩිජිටල් මාධ්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයකුගේ තොරතුරු භෞතිකව ස්ථිර කරගන්නා තුරු, මුදල් තැන්පත් කිරීම් සඳහා ඉඩ ලබානොදෙනු ඇත.
13. පුද්ගලයාව භෞතිකව ස්ථිර කර ගැනීම බැංකුව විසින් සිදුකරනතුරු, ගනුදෙනුවක සීමාව සහ එක් දිනකට ගනුදෙනුකිරීමේ සීමාව බැංකුව විසින් තීරණය කරනු ඇති අතර, ඒ අනුව එම සීමාවන් උල්ලංඝනය කරන කිසිදු ගනුදෙනුවක් සිදු නොකරනු ඇත.
14. බැංකුවේ අභිමතය පරිදි ගිණුමට අරමුදල් ලැබුනු පසු, ගනුදෙනුකරු විසින් අන්තර්ජාලය, ජංගම බැංකු පහසුකම සහ ‘ෆිනකල්’ දැනුම්දීමේ (finacle alert) සේවය පාවිව්චි කරනු ලැබිය හැකිය.
15. SOLO හරහා ගනුදෙනුකරු විසින් සිදුකරනු ලබන ඉල්ලීමකට අනුව ගනුදෙනුකරු වෙත වෙනම හර පතක් ලබාදිය හැකිය.
II. මියයාම, නොහැකියාව හෝ බුන්වත්භාවය
ගනුදෙනුකරුවකු නොහැකියාවකට පත්වුවහොත් හෝ බුන්වත් වුවහොත්, ගනුදෙනුකරුගේ හෝ මියගිය අයගේ පොල්මංකරු, අද්මිනිස්ත්‍රාසිකරු හෝ වෙනත් පුද්ගලික නියෝජිතයකු වශයෙන් නම්කරන ලද ඕනෑම පුද්ගලයකු සහ වත්කම් වල භාරකරු හෝ ලැබුම්කරු හෝ වත්කම් වල ඕනෑම උද්දේශිත අර්ථලාභියෙකු වෙත හෝ විසින් බැහැර කිරීමට බැංකුව විසින් ඉඩ ලබාදීමට පෙරාතුව බැංකුවට පිළිගත හැකි ආකාරයෙන් සහ තත්වයෙන් ඒ සඳහා ලේඛණමය සාක්ෂි (අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය, අදාළ අධිකරණ නියෝග හෝ ඒ හා සමාන වෙනත් ඕනෑම ලියවිල්ලක් වැනි) ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටීමට බැංකුවට හිමිකම තිබේ. බැංකුව විසින් එසේ කරන ලෙසට ඉල්ලා සිටියහොත් බැංකුව විසින් පිළිගන්නා ආකාරයකට (අදාළ වන අවස්ථාවන්හිදී) එහි ඉංග්‍රීසි පරිවර්තනයක් සමග ඕනෑම ලේඛණමය සාක්ෂියක මුල් පිටපතක් ඉදිරිපත් කළ යුතුය. මියයාම, නොහැකියාව හෝ බුන්වත්භාවය සිදුවන ලද්දේ කිසියම් බද්ධ ගිණුම් හිමියකු සම්බන්ධයෙන් නම්, බැංකුවට විශ්වාසය තැබිය හැකි මූලාශ්‍රයක් වෙතින් එම කාරණය පිළිබඳ ලිඛිත නොතීසි බැංකුවට ලැබෙන තුරු ඒ වෙනුවෙන් කටයුතු කිරීමට බැංකුව බැඳී නොසිටී. අදාළ නොතීසිය ලැබුණු පසු, බැංකුව සෑහීමකට පත්වන තුරු, ඉහත සඳහන් කරන ලද සාක්ෂි ලැබෙනතුරු ගිණුම (ගිණුම්) අත්හිටුවීමට (freeze) බැංකුවට හිමිකම තිබේ.
III. විදේශ මුදල් අවදානම හෙළිදරව් කිරීම
විදේශ මුදල් ආයෝජන සම්බන්ධයෙන් වන පාඩු සම්බන්ධ අවදානම් පිළිබදව ගනුදෙනුකරු සම්පූර්ණයෙන්ම දන්නා බව සහ ඊට සම්බන්ධ වන මුල්‍ය හා අනෙකුත් අවදානම් සඳහා ගනුදෙනුකරු කැමති බව සහ ඒ පිළිබඳව උපකල්පනය කිරීමට ඔහුට/ඇයට හැකි බව සහ ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරු විසින් දැරිය හැකි කිසිදු පාඩුවක් සඳහා ගනුදෙනුකරු විසින් බැංකුව වගකීමට යටත් නොකරනු ඇති බවට ගනුදෙනුකරු මෙමගින් ප්‍රකාශ කරයි.
IV. බැංකු රහස්‍යභාවය
පොදු නීතිය යටතේ කිසියම් හෝ ගනුදෙනුකරුවකු සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් රහස්‍යභාවය පවත්වාගෙන යාමේ වගකීමක් බැංකුවට ඇති අතර, තවද 1988 අංක. 30 දරණ බැංකු පනතේ 77 වැනි වගන්තිය යටතේ එහි නිලධාරින් මත ද ඒ හා සමාන වගකීමක් පැවරී තිබේ. කෙසේවෙතත්, එහි වගකීම් ඉටුකිරීමේදී හෝ ඕනෑම නීතිමය විධිවිධානයක් සමග අනුකූල වීම සඳහා බැංකුව විසින් ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරනු ලැබිය හැකිය.
V. අනාවරණය
ගනුදෙනුකරු හෝ ඔහුගේ ගනුදෙනු හෝ ගිණුම් සම්බන්ධ ඕනෑම තොරතුරක් පහත දැක්වෙන අයවලුන් වෙත අනාවරණය කිරීමට ගනුදෙනුකරු බැංකුව වෙත මෙමගින් බලය ලබාදේ:
(i) බැංකුව විසින් ගනුදෙනුකරු වෙත සපයනු ලබන ඕනෑම බැංකු පහසුකමක් හෝ සේවාවක් සම්බන්ධයෙන් ගනුදෙනුකරු හෝ එහි ගිණුම (ගිණුම්) සඳහා ඇප සපයන ඕනෑම ඇපකරුවෙකු හෝ තෙවන පාර්ශවයක් වෙත; හෝ
(ii) ගනුදෙනුකරු සම්බන්ධයෙන් වන බැංකුවේ ඕනෑම අයිතිවාසිකමක් හෝ වගකීමක් සම්බන්ධයෙන් වන ඕනෑම සත්‍ය හෝ සම්භව්‍ය පැවරුම්ලාභියකු, සහභාගීවන්නෙකු හෝ ගිවිසුම්ගත පාර්ශවයක් වෙත.
VI. වගකීම් මූලධර්මය
බැංකුව විසින් එහි වගකීම් ඉටු කිරීමේදී බැංකුවේ කාර්ය මණ්ඩලයේ පාර්ශවයෙන් සිදුකරනු ලබන චේතනාත්මක පැහැර හැරීම් හෝ දැඩි නොසැලකිලිමත් භාවය සඳහා පමණක් බැංකුව වගකීමට බැඳේ. ගනුදෙනුකරුගේම වරදින් (උදාහරණයක් වශයෙන්, මෙම කොන්දේසිවල සඳහන් කර ඇති පරිදි වගකීම් උල්ලංඝණය කිරීම මගින්) පාඩුවක් සිදුවීමට ගනුදෙනුකරු දායක වී ඇති අවස්ථාවකදී, බැංකුව සහ ගනුදෙනුකරු විසින් පාඩුව දැරිය යුතු ප්‍රමාණය, සහදායක නොසැලකිල්ල පිළිබඳ මූලධර්ම වලට අනුව තීරණය කළ යුතුය.
VII. වන්දිපූරණය
ගනුදෙනුකරුට ණය හෝ වෙනත් බැංකු පහසුකම් ලබා දීම හෝ ගනුදෙනුකරු වෙනුවෙන් ඕනෑම බැංකු සේවාවක් ඉටු කිරීම සම්බන්ධයෙන් හෝ පැන නගින ඕනෑම හෝ සියලු හිමිකම්, ඉල්ලීම්, ක්‍රියා, හානි, වගකීම්, පිරිවැය, පාඩු, වියදම් සහ අනෙකුත් මුදල් සඳහා බැංකුවට වන්දි ගෙවිය යුතු අතර, එම හේතුව නිසා බැංකුව විසින් සිදු කරනු ලබන හෝ දරනු ලබන එවැනි ගෙවීමක් ඉල්ලා සිටින විට බැංකුවට ප්‍රතිපූරණය කළ යුතුය.
ගනුදෙනුකරුගේ හෝ ඔහුගේ නියෝජිතයාගේ නෛතික තත්වයෙන් කිසියම් හෝ සීමා කිරීමක් පිළිබඳ දැනීම ලබාගැනීමේදී බැංකුවේ පාර්ශවයෙන් කිසිදු චේතනාත්මක පැහැර හැරීමක් සිදුකර නොමැත යන කරුණ හේතුවෙන් බැංකුව විසින් දරන ලද ඕනෑම පාඩුවක් සඳහා ගනුදෙනුකරු විසින් බැංකුවට වන්දිපූරණය කරනු ඇත.
VIII. අනුපාතික බලපෑම් (FORCE MAJEURE)
කැරලි කෝලාහල, යුද්ධ, ස්වභාවික විපත්, බැංකුවේ පාලනයෙන් ඔබ්බට යන ඕනෑම තත්වයක් හෝ බැංකුව වගකීමට නොබැඳෙන වෙනත් සිදුවීම් (උදා: වැඩ වර්ජන, අගුලු දැමීම්, රථවාහන රඳවා තබා ගැනීම්, සිවිල් කලබල, දේශීය හෝ විදේශීය රාජ්‍ය හෝ වෙනත් බලධාරින්ගේ ක්‍රියා (නීති ප්‍රකාරව හෝ තත්ත්වාකාර වුවද), කිසියම් නීතියක හෝ රෙගුලාසියක අවශ්‍යතා, වෙළඳපල කඩාකප්පල් කිරීම හෝ දැනුවත් කිරීමේ/බේරුම්කිරීමේ ආයතන හෝ මධ්‍යම තැන්පතු හුවමාරුවේ ඕනෑම ක්‍රියාවක්) ඇතුළුව නමුත් ඒවාට සීමා නොවී, ඕනෑම අනුපාතික බලපෑම් අවස්ථාවක් මගින් හෝ ඒ සම්බන්ධයෙන් සිදුවන ලද කිසිදු පාඩුවක් හෝ ඉටුකිරීමට නොහැකිවීමක් සම්බන්ධයෙන් බැංකුව වගකීමට නොබැඳිය යුතුය.
IX. තොරතුරු සහ නොතීසි
(අ) ගනුදෙනුකරුගේ නම, ලිපිනය සහ වෙනත් තොරතුරුවල යම් වෙනස් වීමක් මෙන්ම, බැංකුව වෙත නියෝජනයන් සිදුකිරීම සඳහා ඕනෑම පුද්ගලයකුට ලබාදී ඇති කිසියම් බලතලයක් (විශේෂයෙන්ම, ඇටර්නි බලකරයක්) හෝ කිසියම් පුද්ගලයෙකුගේ බලය සමප්ත කිරීම හෝ සංශෝධනය කිරීම පිළිබඳව ගනුදෙනුකරු විසින් ප්‍රමාදයකින් තොරව බැංකුව වෙත ලිඛිතව දැනුම්දිය යුතුය. මෙම දැනුම්දීම, ඕනෑම පොදු ලේඛණයක ගනුදෙනුකරුගේ තොරතුරු වෙනස්වීමක් සඳහා නිසි ලෙස අදාළ වන අතර, තවද එම පොදු ලේඛණයේ නියෝජනය කිරීම පිළිබඳ බලතල වාර්තාගත කර තිබියදී, එය සමප්ත කිරීමක් හෝ ඊට සංශෝධනනයන් සිදුකිරීමක් එම රෙජිස්ටරයේ ඇතුලත් කළ විටද එලෙසින්ම බලපානු ඇත.
(ආ) ගනුදෙනුකරුගේ වෙළඳාම, ව්‍යාපාර හෝ රැකියාව සහ මුල්‍ය තත්වය හෝ ඊට අදාළ ඕනෑම වැදගත් වෙනසක් පිළිබඳව සියලු තොරතුරු ගනුදෙනුකරු විසින් බැංකුව වෙත ඉදිරිපත් කරනු ඇත.
(ඇ) ගනුදෙනුකරුගේ මුල්‍ය තත්වයට බලපෑමක් ඇති කළ හැකි ඕනෑම නඩු කටයුත්තක් හෝ විභව නඩු කටයුත්තක් පිළිබඳ විස්තර ගනුදෙනුකරු විසින් බැංකුවට හෙළිදරව් කළ යුතුය.
(ඈ) බැංකුවේ අභිමතය පරිදි සහ ඒ සදහා කිසිදු වගකීමක් නොමැතිව, සාමාන්‍ය තැපෑලෙන්, අතින්, ටෙලෙක්ස් හෝ ෆැක්ස් හෝ විද්‍යුත් තැපැල් මගින් (බැංකුව විසින් දැනුවත් ගනුදෙනුකරුගේ අවසන් වරට දන්නා ලිපිනයට, ටෙලෙක්ස් අංකයට හෝ ෆැක්ස් අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට) ඕනෑම නොතීසියක්, ලිපි හුවමාරුවක්, සාධන පත්‍රයක් හෝ ලේඛණයක් ගනුදෙනුකරු වෙත යැවීමට බැංකුවට හිමිකම ඇති අතර, එවැනි සෑම සන්නිවේදනයක්ම, (දේශීය නම්) එය තැපැල් කිරීමෙන් දින දෙක (02) කට පසුව සහ (විදේශයකට නම්) තැපැල් කිරීමෙන් දින පහකට පසුව සහ (ටෙලෙක්ස් හෝ ෆැක්ස් හෝ විද්‍යුත් තැපැල් මගින් නම්) සම්ප්‍රේෂණය කරන ලද අවස්ථාවේදී හෝ (අතින් නම්) භාරදෙන ලද අවස්ථාවේදී ගනුදෙනුකරු වෙත ලැබුනු බවට සැළකිය යුතුය.
9. සමප්ත කිරීම
I. ගනුදෙනුකරුගේ සමප්ත කිරීමේ අයිතිය
සමප්ත කිරීමේ ප්‍රතිපාදනයක් සඳහා බැංකුව සහ ගනුදෙනුකරු විසින් අන්‍යාකාරයෙන් ලිඛිතව එකඟවී ඇත්නම් මිස, ව්‍යාපාරික සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම හෝ නිසි පරිදි අත්සන් කරන ලද හා පිළිගන්නා ලද මැන්ඩේට් පත්‍රය මගින් පැනනගින යම් විශේෂිත ව්‍යාපාරික කටයුත්තක්, සාධාරණ පූර්ව ලිඛිත දැනුම්දීමකින් අනතුරුව ගනුදෙනුකරු විසින් ඕනෑම අවස්ථාවකදී සමප්ත කරනු ලැබිය හැකිය. කෙසේවෙතත්, එලෙස සමප්ත කිරීමට පෙරාතුව බැංකුව වෙත උපචය වූ අයිතිවාසිකම්වලට, එවැනි කිසිදු සමප්ත කිරීමක් මගින් බලපෑමක් සිදුනොවිය යුතුය.
II. බැංකුවේ සමප්ත කිරීමේ අයිතිය
(අ) නොතීසි ලබාදීමෙන් අනතුරුව සමප්ත කිරීම
බැංකුවේ මතය අනුව සාධාරණ වන දැනුම්දීමක් ලබාදීමෙන් පසු, ඒ සඳහා කොන්දේසියක් හෝ සමප්ත කිරීමේ ප්‍රතිපාදනයක් ලිඛිතව එකඟ වී නොමැති, ඕනෑම ව්‍යාපාරික සම්බන්ධතාවයක් සම්පූර්ණයෙන්ම හෝ නිසි පරිදි අත්සන් කරන ලද සහ පිළිගන්නා ලද මැන්ඩේට් පත්‍රයක් මගින් පැනනගින ඕනෑම විශේෂිත සම්බන්ධතාවයක් බැංකුව විසින් ඕනෑම අවස්ථාවකදී සමප්ත කරනු ලැබිය හැකිය. නොතීසියේ කාලපරිච්ඡේදය තීරණය කිරීමේදී, ප්‍රායෝගික වන සෑම අවස්ථාවකදීම, ගනුදෙනුකරුගේ හඳුනන නීත්‍යනුකූල ප්‍රශ්න පිළිබඳව බැංකුව විසින් සළකා බලනු ඇත.
(ආ) සාධාරණ හේතුවක් මත, නොතීසි නොමැතිව සමප්ත කිරීම
ගනුදෙනුකරුගේ දන්නා නෛතික ගැටළු පිළිබදව නිසි සළකා බැලීම් සිදුකිරීමෙන් අනතුරුව, ව්‍යාපාරික සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට බැංකුවට නොහැකි අවස්ථාවන් වලදී, සාධාරණ හේතුවක් ඇත්නම්, නොතීසි නොමැතිව ව්‍යාපාරික සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම හෝ නිසි පරිදි අත්සන් කරන ලද සහ පිළිගන්නා ලද මැන්ඩේට් පත්‍රය මගින් පැනනගින විශේෂිත සම්බන්ධතාවයක් සමප්ත කිරීම සඳහා අවසර තිබේ.
(ඇ) අයිතිවාසිකම් සුරැකීම
ඕනෑම ව්‍යාපාරික සම්බන්ධතාවයක් සම්පූර්ණයෙන්ම හෝ ඉහත සඳහන් කරන ලද ඕනෑම ප්‍රතිපාදනයක් යටතේ වන විශේෂිත සම්බන්ධයක් බැංකුව විසින් සමප්ත කළහොත් එවිට, එලෙස සමප්ත කිරීමට පෙරාතුව බැංකුව වෙත උපචය වී ඇති අයිතිවාසිකම් වලට බලපෑමක් ඇති නොකළ යුතුය
10. පැවරීම
11. ප්‍රතිපාදනවල අවලංගුභාවය
12. අත්හැරීම
13. අධිකරණ බලය සහ පාලනය වන නීතිය.
ගනුදෙනුකරුට එරෙහිව වෙනත් ඕනෑම රටකදී හෝ වෙනත් ඕනෑම අධිකරණයකදී ක්‍රියා කිරීමට ඇති බැංකුවේ අයිතියට අගති රහිතව, කොළඹ දිසා අධිකරණයේ අනන්‍ය නොවන අධිකරණ බලයට ගනුදෙනුකරු අවලංගු කළ නොහැකි ලෙස යටත්වේ. (ශ්‍රී ලංකාවේ අධිකරණ වලදී පමණක් බැංකුවට එරෙහිව නඩු පැවරිය යුතුය).
II. හරවත් නීතිය
මෙහි අපේක්ෂා කරන ව්‍යාපාරික සබඳතා, ගනුදෙනුකරුගේ ගිණුම්, ගනුදෙනු සහ කටයුතු සහ මැන්ඩේට් පත්‍ර ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය විය යුතුය.
